13 වන දා ඉවත් වන බව ප්‍රකාශ කර තිබෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අද දිනයේ දී විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, අද මෙරටට පැමිණීමට නියමිත ගෑස් තොගය සම්බන්ධයෙනි.
අද දිනයේ දී ගෑස් මෙටි්‍රක් ටොන් 3700 ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙන බව නිවේදනය කර තිබෙන ජනාධිපතිවරයා, එම ගෑස් තොගය දිවයිනට ළගා වූ පසු කඩිනමින් ගොඩ බා බෙදා හරින ලෙස නිළධාරීන්ට උපදෙස් දී තිබේ.
එමෙන්ම, හෙට දිනයේ තවත් ගෑස් මෙටි්‍රක් ටොන් 3740 ක් පැමිණීමට නියමිත බව ද ජනාධිපතිවරයා පවසයි.
ඉන් පසුව තවත් ගෑස් නැවක් ජූලි මාසයේ පැමිණෙන බව පවසන ජනාධිපතිවරයා, මේ මාසය සදහා ගෑස් මෙටි්‍රක් ටොන් 33,000 ක් පැමිණෙන බවත්, ඉදිරියේ දී ගෑස් අර්බුදය විසදීමට නියමිත බවත් සිය නිවේදනයෙන් ප්‍රකාශ කර සිටියි.










