පාරිභෝගිකයින් අතර භීතියක් ඇති කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන LP ගෑස් ආශ්‍රිත පිපිරීම් පිළිබඳ වහාම සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳුදා සවස සිය අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා ඇත.
දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම පිපිරීම් ඇතිවන්නේ ඇයිදැයි ජනාධිපතිතුමා විමසා ඇති අතර, ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා ඇත්තේ මෙය කිසියම් උපක්‍රමශීලී ප්‍රතිඵලයක් විය හැකි බවයි.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කළ බවද ගුණවර්ධන ඇමැතිවරයා ජනාධිපතිවරයාට දන්වා තිබිණි.
මෙම කරුණ පාරිභෝගිකයන් අතර බරපතළ අනතුරු ඇඟවීමේ සංඥාවක් බව පැහැදිලිවමසදහන් කර ඇති ජනාධිපතිවරයා ඒ පිළිබඳව කඩිනමින් සොයා බලන ලෙස අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දුන් අතර වාර්තා වූ සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් ද පත් කළේය.
ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා ගැටලුවට හේතු සොයා බලන ලෙස කමිටුවට උපදෙස් දීඇති අතර අවශ්‍ය සියලු පාර්ශ්වයන්ගෙන් තොරතුරු ලබාගෙන පවතින අධ්‍යයනයන් සහ විවිධ අදහස් සොයා බලා සති දෙකක් ඇතුළත වාර්තාව තමා වෙත ලබා දෙන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දී ඇත.










