ව්‍යවස්ථාදායක සභාව පත්කිරීමට ජනාධිපතිවරයාට විශාල හදිසියක් ඇති බවත්, ඒ පිටුපස ඇත්තේ ඡන්ද කල්දමන කුමන්ත්‍රණයක් බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කීය.
විපක්ෂය ඊට ඉඩ නොතබන බවද බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.
අද උදෑසන ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද කතානායකවරයාට පෙන්වා දුන්නේ ව්‍යවස්ථාදායක සභාව පත්කිරීමට ආණ්ඩුවට ශීඝ්‍රගාමී හදිසියක් මතුව ඇති බවත්, ඒ පිටුපස ඡන්ද කල්දැමීමේ කුමන්ත්‍රණයක් පවතින බවත්ය.










