• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිට චම්පික උත්තර දෙයි

March 21, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනාධිපතිට චම්පික උත්තර දෙයි
Share on WhatsAppShare on Facebook

ගම සමඟ පිළිසඳර ආඥාවක් ද? තර්ජනයක් ද? ගුණ්ඩුවක් ද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමඟ පිළිසඳර ක්‍රමයෙන් එතුමාගේ සති අන්ත මාධ්‍ය ප්‍රකාශනය බවට පත්වෙමින් ඇත. මුලදී එය ගම්වල ඇත්තම පොහොට්ටු නායකයින්ට, කළුගල්, වැලි, පස්, ගස් කැපීමට ආඥාවන්, චක්‍රලේඛන බවට පත්කරවන හමුවක් විය.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් ඇරඹී, සිරස මහාරාජා දක්වා දැන් එය සෘජුව හා වක්‍රව තර්ජන සිදුකරනා පිළිසඳරක් වී ඇත. එමෙන්ම දැන් එය ජනාධිපතිතුමාට එරෙහි ‘බොරු’ මාධ්‍ය ප්‍රචාර හෙළිකරනා රජයේ මාධ්‍ය මධ්‍යස්ථානය බවටද පත්වී ඇත. ජනාධිපති ගෝඨාභය සිය ධුරයට පත්වූයේ, මාධ්‍ය කූඨ නාටකයක් මඟිනි. පුටින්, ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ්, ශ්‍රී නේරු ආදී බොහෝ නායකයින්ගේ චරිත ඔහුට ආරූඩ කරනු ලැබීය. මොනම වෙදකමක් හෝ නොදන්නා කෑගල්ලේ ධම්මික බාස්උන්නැහැ විශ්වීය ඖෂධ තනන්නෙකු කළ ආකාරයටම මෙය සිදුවිය. දැන් ඒ මාධ්‍ය කූඨ නාටකයේ සළුපිළි එකින් එක ගැලවෙමින් ඇත. ඒ නාටකයේ රඟපෑ ඇතැම් නළු නිළියෝම දැන් කථානායකවරයා හා අධ්‍යක්ෂක විවේචනය කරති.

තම කඩාවැටෙන ප්‍රතිරූපය හමුවේ ජනාධිපතිවරයා හා ඔහුගේ කණ්ඩායම උපක්‍රම තුනක් අනුගමනය කරති. පළමුව, නම් අඬගසා කරනා තර්ජනයයි. හරීන්, සිරස, දේවානි හා භාග්‍යා සම්බන්ධයෙන් අපට දැනෙන්නේ එයයි.

දෙවැන්න ප්‍රශ්න උග්‍රවන විට අහස් ගුණ්ඩු යැවීමය. කුරුණෑගල රාජසභා මණ්ඩපය විනාශ කරලීම පිළිබඳ විරෝධය උත්සන්න වන විට, ගව ඝාතනය නතර කිරීම නම් අහස් ගුණ්ඩුව ගුවන්ගත විය. කෝවිඩ් උතුරා පැතිරී යනවිට, ආදාහනය නම් අහස් ගුණ්ඩුව ගුවන්ගත කෙරිණ. සීනි හොරකම අතේ පත්තු වූ විට, දරුවන් අනිවාර්යෙන් පන්සල් යැවීම, අනිවාර්ය යුධ පුහුණුව දීම යනාදිය ගුවන්ගත විය. දරාගත නොහැකි ජීවන වියදම හා ආර්ථික කඩාවැටීම ඉදිරියේ සහරාන් හා බුර්කාව ගුවන්ගත කෙරිණ. මේ සමහර අහස් ගුණ්ඩු අතේ පත්තු වූ අතර තවත් ඒවා සත්‍යයේ හිරු එළියෙන් වැසී ගියේය.

දැන් ආණ්ඩුව තුන්වන උපායක්ද කරලියට ගෙන ඇත. එනම් පරිසර විනාශය හමුවේ ව්‍යාජ පරිසර විනාශයන් පිළිබඳ තොරතුරු සමාජගත කර, සියළු පරිසර විනාශයන් පිළිබඳ තොරතුරු ව්‍යාජයන් බවට පත්කරලීමය.කපන ලද ඉන්දියාවේ ගස්, ලංකාවේ මෙන් පෙන්වනවා නම් හා ඇමසන් විනාශය සිංහරාජ විනාශය මෙන් පෙන්වනවා නම් ආණ්ඩුවේ CERT ආයතනය ලවා වහාම පියවර නොගෙන මාධ්‍යවල වැලපීමෙන් ඵලක් නැත. මේ ව්‍යාජ තොරතුරු අව්‍යාජ පරිසරය රැකගැනීමේ අරගලයට ද හානියක් වියහැකි බැවින් සියළු පරිසර හිතකාමීන් ඒවා Fake ලෙස හඳුන්වා අව්‍යාජ අරගලය රැකගත යුතු වෙයි.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොළඹ ලස්සන කළා යැයි ද, පරිසරය රැක්කා යැයි ද කීම අර්ධ සත්‍යයකි. නිදහස් චතුරස්‍ර අලංකරණය හා බේරේ වැව අලංකරණය ආරම්භ කළේ මංගල සමරවීරය. එයට බලගතු මැදිහත්වීමක් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශ යොදවා කළ බව සත්‍යයකි. එමෙන්ම එය කොළඹ නගරය සඳහා වූ ලෝක බැංකු ව්‍යාපෘතියක් බවද අමතක නොකළ යුතුය. එය සැලසුම් කළේත්, අරමුදල් සැපවූයේත්, නාගරික සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කළේත් ලෝක බැංකුවයි.

කොළඹ යනු පැරණි නගරයකි. එහි අප ජලය බැසයන උමං පද්ධතිය වසර 150 ක් පැරණිය. මල අපවහන පද්ධතිය, ජල සැපයුම් පද්ධතිය ඒ ලෙසම පැරණිය. කොළඹ පිරිසිදු කර, කුණු මීතොටමුල්ලට ගොඩගසා රැකගත හැකි පරිසරයක් නැත. කොළඹ ලස්සනකරණයෙන් සිදුවූයේ වියපත් ගැහැණියකට මේකප් දැමීම වැනි තාවකාලික ලස්සනක් මවා පෑමකි. කොළඹ කසල කළමනාකරණයට විද්‍යාත්මක කසළ රඳවනයක් තැනුවේත්, කොළඹ මල අපවහන පද්ධතිය, වැසි අපජල පද්ධතිය හා ජල සැපයුම් පද්ධතිය වැනි පොළොව යට සිදුකළ අමාරු සංවර්ධනයන්, පුරාජේරු කතාවලින් තොරව ලෝක බැංකුවේ හා වෙනත් විදේශාධාර වලින්ද, දේශීය අරමුදල් වලින් ද ක්‍රියාත්මක කළේ, 2015-19 යහපාලන ආණ්ඩුවයි. කොළඹ තිරිහන් වූයේ එමඟිනි.

දැන් මහින්ද රාජපක්ෂ මහතා එක පෙළට විවෘත කරන්නේ එදා ඒ අසීරු සංවර්ධන කටයුතුවල ප්‍රතිඵලය. රට පුරා හමුදාව යොදවා ඇවිදින මංතීරු අඩියෙන් අඩියට හැදීම පරිසර ආරක්ෂණයක් නොවේ. රාජපක්ෂලාට පරිසරය සුරැකීමේ චින්තනයක් නැත. ඔවුන් දන්න එකම චින්තනය ජාතික ධනය සූරා කෑම හා එයට එරෙහි වන්නන් ලසන්ත වික්‍රමතුංග යැවූ මාර්ගයේ යැවීම පමණි.

ලංකාවේ අද සිදුවන ආර්ථික, සමාජීය පරිසර විනාශයට ගෝඨාභය, මහින්ද, බැසිල් ත්‍රිත්වය පමණක් නොව ඔවුනට පුටින්, ලී ක්වාන් යූ, ශ්‍රී නේරු සළුපිළි ඇන්ඳවූ සියළු දෙනාද වගකිව යුතුය.

ඇත්තටම ‘ෆේල්’ වී ඇත්තේ ‘සර්’ නොවේ. රාජපක්ෂලා කොහොමත් ‘ෆේල්’ ය. ඇත්තටම ‘ෆේල්’ වී ඇත්තේ මාධ්‍ය කූඨ නාටකයට හසුවූ 69 ලක්ෂය ය.

පාඨලී චම්පික රණවක

SendShareShare
Previous Post

ලංකාවේ ලෙජන්ඩ්ස්ලා ෆයිනල් එකේ ටොස් එක දිනයි: පන්දු රැකීම තෝරගනී

Next Post

ලංකාවේ ලෙජන්ඩ්ස්ලා ලකුණු 14කින් ඉන්දියාවට පරදී

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

බෙලිඅත්ත, වලවල ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. Sri Lanka Latest News

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.