සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව නව ක‍්‍රමයකට ඡන්ද විමසීම පැවැත්වීම ඉලක්ක කර ගනිමින් ගාල්ල දිස්ත‍්‍රික්කයේ අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී අද (07) පැවැත්විණ.
ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී ජන්දය භාවිතා කිරිමට පැමිණෙන ජන්දදායකයින්ට නිල් හෝ කලු පැහැති බෝල් පොයින්ට් වර්ගයේ පෑනක් රැගෙන ඒම අනිවාර්ය වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටියේය.
මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන්ට අනුව ජන්දය ලකුණු කිරිමේදී ජන්ද පත්‍රිකාව පරික්ෂා කිරිම, අනන්‍යතා සහතික පත ඉදිරිපත් කිරිම ආදි කටයුතුවලදී ජන්දදායකයා සහ ජන්ද පොළ නිලධාරීන්ට අදාළ ලියවිලි අතට නොදීම සිදුකිරිමට බලාපොරොත්තු වන බවද මෙහිදී මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.
සියලුම විද්‍යුත් මාධ්‍ය ආයතනවල සහය ලබා ගනිමින් සෞඛ්‍ය අංශ සමග එක්ව සෞඛ්‍යාරක්ෂිතව ජන්දය භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් ජන්දදායකයින් දැනුවත් කිරිමට බලාපොරොත්තු වෙන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.













