ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබන සදුදා (21) හදිසියේම ජපානය බලා පිටත්ව යාමට තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.
පෞද්ගලික සංචාරයක් ලෙස සිදුකරන මෙම සංචාරය සදහා ජනාධිපති මාධ්‍ය අංශයේ කිසිවකුත් සහභාගී කර නොගැනීමට තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.
දින 6ක සංචාරයක් ලෙස මෙම ජපන් සංචාරය සිදුකරන බව වාර්තා වී ඇති නමුත් මේ මස අවසන් වනතෙක්ම ජනාධිපතිවරයා දිවයිනට නොපැමිණෙනු ඇති බවද දැනගන්නට තිබේ.
සිය ධුරයේ අවසන් සති 4 ගත කරන ජනාධිපතිවරයාගේ මෙම ජපන් සංචාරය ඔහුගේ නිල කාලය තුළ සිදුකරන අවසන් සංචාරය ලෙස වාර්තා පොත් අතරට එක්වනු ඇත.










