• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති විනාඩි 16ක් ජාතිය අමතයි! රට වහපු හේතුව කියයි! (VIDEO)

August 20, 2021
in Exclusive
Reading Time: 8 mins read
A A
ජනපති විනාඩි 16ක් ජාතිය අමතයි! රට වහපු හේතුව කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

කොරෝනා වසංගතය මැඩපැවැත්වීමට එකම විසඳුම එන්නත්කරණය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේත් වෛද්‍ය විශේෂඥවරුන් වැඩිදෙනාගේත් සහ ලෝක සම්මත ක්‍රමවේදය අනුවත් පිළිගත් මතය යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.

ලංකාවට එන්නත් ගෙන්වා ගැනීමට පසුගිය කාලයේ මම විශේෂ උනන්දුවක් ගත්තේ ඒ නිසයි. චීනය, ඉන්දියාව වැනි රටවල රාජ්‍ය නායකයන්ට මම පෞද්ගලිකව කතා කළා. තවත් රාජ්‍ය නායකයන්ට මම පෞද්ගලිකවම ලිපි යැවුවා. අපේ විදේශ අමාත්‍යාංශය හරහාත් තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් හරහාත් එන්නත් නිෂ්පාදනය කරන රටවල් සමඟ සාකච්ඡා කළා. අපේ නිලධාරීන් එන්නත් නිෂ්පාදනය කරන සමාගම් සමඟ සම්බන්ධීකරණය කළා.

මේ සියලු උත්සාහයන් දැරුවේ අපේ රටේ සියලූම ජනතාව එන්නත්කරණය කිරීමට මට අවශ්‍ය වූ නිසායි. මේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට සෑම මසකම අපට අවශ්‍ය එන්නත් විශාල ප්‍රමාණයෙන් රටට ලැබෙමින් පවතිනවා. අපිට මුලින්ම ලැබුණේ ඉන්දියාවේ නිෂ්පාදනය කළ ඇස්ට්‍රා සෙනිකා එන්නතයි.

ඉන් පසු අපට චීනයේ නිෂ්පාදනය කළ සිනොෆාම් එන්නත ලබාගැනීමට හැකි වුවත් එම එන්නතට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය ලබා දීම ප්‍රමාද වූ නිසා ජනතාවට එන්නත ලබා දීම මසකින් පමණ ප්‍රමාද වුණා.

කෙසේ වෙතත් මේ වසරේ මැයි මාසේ 8 වෙනිදා සිට සිනොෆාම් එන්නත අඛණ්ඩව ලබා දීම සිදු කළා. මීට අමතරව අපට ඇමරිකාවෙන් ෆයිසර් සහ මොඩර්නා එන්නතත්, ජපානයෙන් ඇස්ට්‍රා සෙනිකා එන්නතත්, රුසියාවෙන් ස්පුට්නික් එන්නතත් ලැබී තිබෙන නිසා ලෝකයේ එන්නත් ලබා දෙන රටවල් අතර ඉහළම තැනක අප සිටිනවා.

පසුගිය 19 වන දා වනවිට අප එන්නත් එක් කෝටි විසි ලක්‍ෂ දහනව දහස් එකසිය අනූ තුනක් පළමු එන්නත ලෙස ලබා දී තිබෙනවා.

දෙවන එන්නත ලෙස පනස් එක් ලක්‍ෂ විසි හතර දහස් එකසිය අසූ පහක්  ලබා දී තිබෙනවා. ඊට අමතරව දෙවන එන්නත ලෙස ලබා දීම සඳහා තවත් එන්නත් මාත්‍රා මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් අප සතුව තිබෙනවා.

එන්නත් මාත්‍රා තවත් මිලියන 3 ක් මේ මස අගදී ලැබෙනවා. මේ වනවිට වයස 30 න් ඉහළ 98% පමණ පිරිසකට එන්නත ලබා දී තිබෙන අතර 43% පමණ පිරිසකට දෙවන එන්නත දී තිබෙනවා.

අගෝස්තු 31 වන විට 81% කට වැඩි පිරිසකට දෙවන එන්නත් මාත්‍රාව ලබා දීමට හැකියාව තිබෙනවා. සැප්තැම්බර් මස 10 වන විට 100% කට දෙවන එන්නත දෙන්න පුළුවන්.ඒ තත්ත්වයක් සමඟ රෝගීන්ගේ සංඛ්‍යාවත් මියයන සංඛ්‍යාවත් අඩු වනවා ඇති.

අපි සියලුම ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන්ට, වරාය වැනි අත්‍යාවශ්‍ය සේවා, ආරක්ෂක සේවා, කර්මාන්තශාලා සේවකයන්ට ප්‍රමුඛත්වය දී එන්නත්කරණය කලා. වයස 60 ට වැඩි පිරිසට ද ප්‍රමුඛත්වය දී එන්නත ලබා දෙන්නට හැකි වුනා. මීට අමතරව වයස 30 ට අඩු, මිලියනයකට වැඩි කර්මාන්ත ශාලා සේවකයන්ටත් එන්නත ලබා දුන්නා.

මුළු රටේම පළාත් අතර සංචරණ සීමා දැමීම, ග්‍රාම සේවා වසම් හුදෙකලා කිරීම, ඇඳිරි නීතිය දැමීම, රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවකයන් පමණක් වැඩට කැඳවීම, මංගල උත්සව ආදී කටයුතු නතර කිරීම, සමහර වෙළඳ ව්‍යාපාර වසා දැමීම, පළාත් අතර ගමනාගමනය නතර කිරීම, ආගමික ස්ථානවලට ජනතාව රැස්වීම නතර කිරීම, වැනි පාලන ක්‍රම මේ වන විටත් අපි අනුගමනය කරනවා.

කොවිඩ් 19 පළමු රැල්ලේ දී අප ගත් ක්‍රියා මාර්ග නිසා සාර්ථකව එයට මුහුණ දීමට හැකි වුණා. එවැනි දැඩි තීරණ ඒ අවස්ථාවේ ගැනීමට සිදු වූයේ එවකට වෙනත් විකල්පයක් නොතිබූ නිසායි.

එක දිගටම මාස කිහිපයක් රට පූර්ණ වශයෙන් වසා දමන්නට ද සිදු වුණා. ඒ සියල්ල තුලින් පළමු රැල්ල ජය ගැනීමට අපට හැකි වුණා. අපි විටින් විට රට වසා දමන්නට ක්‍රියා කලත් එම තීන්දුවේ අතුරු ප්‍රතිඵලත් අපි තේරුම් ගත යුතුයි. රට වසාදැමීම නිසා කොරෝනා පළමු රැල්ල කාලය, නිදහසින් පසු මෙරට අඩුම ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළ කාලයක්.

විශේෂයෙන්ම ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 5ක පමණ ආදායමක් ගෙන ආ ඇඟලුම් කර්මාන්තයට මින් විශාල පාඩුවක් සිදු වුනා. ඔවුන්ගේ ඇණවුම් නවතා දමනු ලැබුවා. බොහෝ දෙනෙකුට රැකියා නැති වුණා. අපනයන ආදායම කඩා වැටුණා. ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් වුණු, මිලියන 3කට වැඩි පිරිසක් ජීවිකාව කළ අපේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. රැකියා ලක්ෂ ගණනාවක් නැති වුණා.

විටින් විට කරන රට වසා දැමීම නිසා ඉදිකිරීම් කර්මාන්තයට විශාල පහරක් වැදුණා.ඔවුන්ට අවශ්‍ය ආකාරයට සේවකයින් ගෙන්වා ගන්න හැකියාවක් නෑ. අවශ්‍ය වෙලාවට අමුද්‍රව්‍ය ගෙන්වා ගන්න හැකියාවක් නෑ. පසුගිය වසර එක හමාර තුළ මේ ක්ෂේත්‍රයට අපි බලාපොරොත්තු වුනු දේශීය හා විදේශීය ආයෝජන බොහොමයක් අපට අහිමි වුණා.

අපේ දේශීය ආර්ථිකයේ තවත් වැදගත් අංශයක් වන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයි. සමස්ත දළ ජාතික නිෂ්පාදිතයෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයකට දායකත්වය දක්වන මෙම ව්‍යාපාරවලටත් කොරෝනා වසංගතය විශාල ගැටලුවක් වුණා. ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වලට දිගින් දිගට බාධා සිදු වීම නිසා ඒ සමාගම් වලට ආදායම් අහිමි වී තමන්ගේ ණය ගෙවා ගන්නට හෝ වැටුප් ගෙවා ගන්න බැරුව බරපතළ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදු වුණා.

වාහන ලීස් කල අයට ලීස් එක ගෙවා ගන්නට බැරි වුණා. නිවාස ණය ගත් අයට ඒ ණය ගෙවා ගන්නට බැරි වුණා. ඊට අමතරව මිලියන 4.5කට ආසන්න ස්වයං රැකියා සහ දෛනික ආදායම් ලැබූවන් ගේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම බිඳ වැටුණ නිසා ඔවුන්ගේ ජීවිත අසරණ වුණා.

මේ සියලු බාධක මැද්දේ අපට ජනතාව ජීවත් කරවීමේ වගකීමත් තිබුණා. අපි ඒ වගකීම පැහැර හැරියේ නැහැ. කොරෝනා වලට රට වසා දැමූ සෑම අවස්ථාවකම දෛනික ආදායමක් නොමැතිව අසරණව සිටි ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දෙන්නට අපි සෑම වටයකම රුපියල් බිලියන 30ක් පමණ වැය කරනවා. මේ වනවිට අවස්ථා ගණනාවක දී රජය මෙම වියදම දරා තිබෙනවා.

රජය මගින් නඩත්තු කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල වියදමට අමතරව තමන්ගේ ම නිවෙස්වල නිරෝධායනය වන සෑම පවුලකටම සති දෙකක් සඳහා රුපියල් 10,000 ක සහන මල්ලක් ලබා දෙනවා. මේ අසීරු තත්ත්වය යටතේ රජය කිසිම විටක මිලියන 1.4කට වැඩි රජයේ සේවකයන්ගේ වැටුප් අඩු කරන්නට හෝ දීමනා කපන්නට කටයුතු කලේ නැහැ.

අපේ විදේශ විනිමය ආදායම් අඩු වුණාට අපි රජයේ ණය වාරික පැහැර හැරියේ නැහැ. පසු ගිය කාලයේ විවිධ රජයන් විසින් ගෙන තිබුණ ණය නිසා අපට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක පමණ විශාල ණය වාරිකයක් ගෙවන්නට තිබුණා. ඒ සියලු ණය මුදල් නියමිත දිනට ගෙවුවා.

රට නැවත වරක් සම්පූර්ණයෙන් වසා දැමීමෙන් රටේ ආර්ථිකය බරපතළ අර්බුදයකට ලක් වෙනවා. එය මේ රටට දරාගත හැකි තත්ත්වයක් නොවෙයි. විශේෂයෙන්ම අපනයන කේෂ්ත්‍රයේ ඇඟලුම් කර්මාන්ත සඳහා ඇණවුම් විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. මේ ඇණවුම් අපට කලට වේලාවට ලබා දෙන්නට අපහසු වුනොත් විශාල විදේශ විනිමයක් අපට අහිමි වන්නට ඉඩ තිබෙනවා.

ඒ වගේම කඩා වැටුණු සංචාරක කර්මාන්තය ගොඩ ගැනීමට අප විශාල උත්සාහයක් දරමින් සිටිනවා. දැනට 200කට ආසන්න වු සංචාරකයන් පිරිසක් දිනකට රට තුළට ඇතුළු වෙමින් සිටිනවා. රට වසා දැමුවහොත් සංචාරකයන් ගෙන්වා ගැනීම මුල සිට ආරම්භ කරන්න සිදු වෙනවා.

ඒ වගේම දෛනික ආදායම් ලබන්නන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්, සමාගම් ආදියට රට වසා දැමීම නිසා නැවත සහන ලබා දීම සිදුවීමෙන් අද රටේ තිබෙන ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වෙනවා.සම්පූර්ණයෙන් රට වසා දැමීම තුලින් වන බලපෑම ජනතාව තේරුම්ගත යුතුයි. අද ලෝකයේ රටවල් කීපයක් හැරෙන්නට ආර්ථික බලවතුන් පවා රටවල් සම්පූර්ණයෙන්ම විවෘත කර තිබෙනවා.

ලෝකයේ සංචාරක ක්ෂේත්‍රය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා. අද එලෙස විවෘත කර ඇති රටවල් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් සිටිනවා. කුඩා ආර්ථිකයක් ඇති අපේ රට ද මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුයි. එසේ නොකර රටේ ආර්ථිකය නැවතත් සම්පූර්ණයෙන් කඩා වැටෙන්නට ඉඩ දෙන්නට අපට හැකියාවක් නැහැ.

එසේ වූවත් කොවිඩ් රෝගින්ගේ පැතිරීම පාලනය කර ගැනීම සඳහා අද රාත්‍රී 10 සිට මේ මස 30වන සදුදා උදෑසන 4දක්වා රට වසා තැබීමට මා තීරණය කළා.

මේ තත්ත්වය‍ විවිධ මතධාරීන්, වෘත්තිය සමිති, වෛද්‍යවරුන්, අනෙකුත් සෞඛ්‍ය නිලධාරීන් සහ රජය අතර ඇති එකිනෙකා පරයා යන තරඟයක් හෝ ඝට්ටනයක් නොවෙයි. අපි යථාර්ථය තේරුම්ගත යුතුයි. මෙය මුළු ලෝකයම මුහුණු දෙන බැරෑරුම් ප්‍රශ්නයක්. අද සෑම රටක්ම නව සමාන්‍යකරණය ක්‍රමවේදයට හැඩ ගැහෙමින් සිටිනවා. රජයක් හැටියට ගතයුතු සෑම පියවරක්ම නිසි ලෙස අපි අරගෙන තිබෙනවා.

ඔක්සිජන් සැපයීම, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සකස් කිරීම සහ එන්නත ලබා දීම වැනි රජයෙන් කළ හැකි සියලු දේ කරතත්, රෝගීන් මනා ලෙස කළමනාකරණය කිරීම වෛද්‍යවරුන්ගේ කාර්ය භාරය ක්. ඒ වගේම මෙතෙක් කල් තම ජීවිත අවදානම ද නොතකා වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු අනෙකුත් සියලුම සෞඛ්‍ය අංශ නිලධාරීන් කරන ලද සේවය මා ඉතාමත්ම අගය කොට සලකනවා. එමෙන්ම තම ජීවිතය පවා පූජා කල සෞඛ්‍ය අංශවල සියලුම තරාතිරම්වල නිලධාරීන්ට මාගේ නොමඳ ගෞරවය පුද කරනවා.

මෙය වැඩ වර්ජන, උද්ඝෝෂණ සඳහා සුදුසු අවස්ථාවක් නොවන බව පැහැදිලි කරුණක්. රට අරාජික තත්ත්වයට පත් කරන්න සූදානම් වෙන්න එපා.

සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙම කරුණ දෙස එක් කෝණයකින් පමණක් බැලුවත් රජයක් ලෙස අප විදෙස් ණය ගෙවීම, වැටුප් ගෙවීම, සහනාධාර ලබා දීම ආදී කටයුතු අතපසු නොකර අඛණ්ඩව පවත්වා ගෙන යෑමට නම් අප රටේ ඇති කුඩා ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට අපට සිදු වෙනවා.

කොවිඩ් රෝගයෙන් මිය ගිය අයගෙන් බොහෝ දෙනා අවුරුදු 60 ට වැඩි අයයි. ඒ අයගෙනුත් වැඩි අය නිධන්ගත රෝග වලින් බොහෝ කල් පීඩා විඳි අයයි. ඒ වගේම එන්නත ලබා නොගත් අයයි. එම නිධන්ගත රෝග තිබුණු අය කොවිඩ් රෝග ලක්‍ෂණ ඇති වූ වහාම ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. මේ නිසා නිධන්ගත රෝග තිබෙන අවුරුදු 60 ට වැඩි අය ඉලක්ක කරගෙන සතියකට වරක්වත් ඇන්ටිජන් පරීක්‍ෂාවක් කරන ලෙස මම සෞඛ්‍ය අංශ වලට උපදෙස් ලබා දී තිබෙනවා.

ඉදිරියේදී රට දීර්ඝකාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කරන්නට සූදානම් වන්නැයි මා ඉල්ලා සිටිනවා .

මේ තීරණාත්මක මොහොතේ රටේ සියලු දෙනාම, බැරෑරුම් තත්ත්වය තේරුම් අරගෙන සැලසුම් සහගතව රට ඉදිරියට ගෙන ආ යුතුයි .

එම නිසා කණ්ඩායමක් ලෙස එකමුතුව කෝවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා එක්ව වැඩ කරන ලෙස සියලු දෙනාගෙන්ම මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

SendShareShare
Previous Post

කිසිම සැලැස්මක් නෑ! ආණ්ඩුවට ඇල්ලේ හිමිගෙන් කුණු බැණුම්! (VIDEO)

Next Post

පාස්කු ප්‍රහාරය යට ගහන්න පුළුවන් කියලා හිතන්න එපා! මහමොළකාරයො කෝ! ආණ්ඩුව පරීක්ෂණවලට මැලිකමක් දක්වන්නේ ඇයි! (VIDEO)

MORE NEWS

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

Load More
රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපාආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30න් 16ක්ම දිනාගෙන....

Read more
ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.