අද (29) පෙ.ව. 6.30 – 9.30 අතර කාලයේ දී මිරිහානේ පිහිටි ජනාධිපති නිවස අසල ‘කතෝලික විභාවනය’ සංවිධානයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිතව තිබූ උපවාසය අත්හිටුවීමට තීරණය කර ඇත.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඊයේ (28) රාත්රියේ ජනාධිපති පෞද්ගලික ලේකම් සුදීශ්වර බණ්ඩාර මහතා චිරන්ත අමරසිංහ මහතා වෙත දුරකතන ඇමතුමක් ලබා දී අදාළ උපවාසයට හේතුවන කරුණු සම්බන්ධයෙන් තමාව ඍජුව හමුවී සාකච්ඡා කරන ලෙස ඉල්ලීමක් කිරීම ඊට හේතුව වී තිබේ.
ඒ අනුව අද (29) උදෑසන 9.45 ට සුදීශ්වර බණ්ඩාර මහතා හා චිරන්ත අමරසිංහ මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිතය.
පාස්කු ප්රහාරයට වගකිවයුතු හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අත්අඩංගුවට නොගැනීම මුල් කරගෙන ‘කතෝලික විභාවනය’ සංවිධානයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසට පිවිසෙන අතුරු මාර්ගය අසල ප්රධාන මාර්ගයේ දී අද දින උපවාසයක් පැවැත්වීමට සැලසුම් කර තිබිණ.










