• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුක්තිය ගැන ආණ්ඩුව කතා කරයි

September 7, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
මුක්තිය ගැන ආණ්ඩුව කතා කරයි
Share on WhatsAppShare on Facebook

ජනපති මුක්තිය අවශ්‍ය බවත්, එය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා තීන්දු කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සදහන් කළේය.

බත්තරමුල්ලේ පක්ෂ මූලස්ථානයේ අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේද කීය.

19 වන සංශෝධනය ගෙන ආවේ ද්වේශසහගතව. රටට හොදක් කිරිමේ අරමුණින් නෙවෙයි. ඒකේ එකම අභිලාශය වුණේ එක පවුලකින් පළිගැනීම. ඒ පවුලේ සියඵම සාමාජිකයින් දේශපාලන කරළියෙන් ඉවත් කිරිම. රාජපක්ෂ පවුල. ඒක තමයි ඉලක්කය. ඒක තමයි සම්පුර්ණයෙන්ම 19 වන සංශෝධනය සකස් කරලා සම්මත කර ගත්තේ. අවසානයේදී ඒ 19 වන සංශෝධනයෙන් මහා විනාශයක් වුණේ රාජපක්ෂ පවුලට නෙමෙයි අපේ රටේ ජනතාවට. මේ රටේ අරාජික තත්ත්වයක් ඇති වුණා. ආණ්ඩුවක් නැති වුණා. ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරිමට සුදුසු නීති රාමුවක් තිබුණේ නැහැ. ඒ තත්ත්වයෙන් මේ රට ගොඩ ගැනීමට තමයි අපි ක්ෂණිකව කටයුතු කරන්නේ. 19 වන සංශෝධනය ඉවත් කරලා ඒ වෙනුවට 20 වන සංශෝධනය ආදේශ කිරිමට.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දැවැන්ත වරමක් ලබා දුන්නා. හැබැයි එතුමාට අමාත්‍යාංශ ධුර දරන්න බැහැ. ඒක තහනම් 19 වන සංශෝධනය තිබෙනතාක් කිසිම අමාත්‍යාංශයක් දරන්න බැහැ. පොලිස්පතිතුමා මොන වරදක් කළත් අස් කරන්න බැහැ. මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරිමේ ප්‍රමුඛ වගකීම ජනාධිපතිවරයාට තිබෙනවා. වගකීම තියෙනවා බොහෝම පැහැදිලිව. වගකීම ඉෂ්ට කිරිම සඳහා කිසිම වගකීමක් නැහැ. බලය උදුරාගෙන 19 වන සංශෝධනයෙන්.

19 වන සංශෝධනය නොතිබුණා නම් වහාම පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා. මාස 10ක් අපතේ ගියා. කාටද අවාසිය. රාජපක්ෂ පවුලට නෙමෙයි ජනතාවට. 19 වන සංශෝධනය තිබෙනතාතක් ජනාධිපතිවරයාට වැඩි වැඩක් කරන්න කාලයක් නැහැ. තමන්ගේ කාලයෙන් වැඩි කොටසක් වෙන් කරන්න වෙනවා උසාවි, උසාවිවලට සම්බන්ධ වැඩ කටයුතු සඳහා. ඒක මම පෞද්ගලිකව දන්නවා. ඒකමද කරන්න වෙන්නේ එතුමා ජනාධිපතිවරයා වුණාට පස්සෙ. ඒක නම් තත්ත්වය සෞභාග්‍යයේ දැක්මේ අන්තර්ගත ප්‍රතිඥා ජනතාව වෙනුවෙන් ඉෂ්ට කිරිමට තිබෙන ඉඩකඩ ඉතාමත් සීමිත වෙනවා. ඒක නිසා තමයි මුක්තිය අවශ්‍ය වන්නේ. ඒක සාධාරණයි කියලා ශ්‍රී ලංකා ශේෂ්ඨාධිකරණය පිළි අරං තියෙනවා.

පසුගිය දවස් තුන තුළ විශාල ලෙස විවේචනයට භාජනය වෙච්ච දෙයක් තමයි පාර්ලිමේන්තු කවුන්සිලය. එය සම්බන්ධයි කොමිෂන් සභාවට. සමහර අය කියනවා කොමිෂන් සභා 20 වන සංශෝධනයෙන් අහෝසි වෙලා කියලා. සම්පුර්ණ මිත්‍යාවක්. කොමිෂන් සභා තියෙනවා. 20 වන සංශෝධනය යටතේ කොමිෂන් සභා හතක් තියෙනවා. ඒ කොමිෂන් සභා හත තමයි මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව , පොලිස් සේවා කොමිෂන් සභාව , ශ්‍රී ලංකාවේ මානව කොමිෂන් සභාව, අල්ලස් හා දුෂණ කොමිෂන් සභාව. මුදල් කොමිෂන් සභාව , ජන්ද කොට්ඨාස පිළිබඳ සීමා නීර්ණය කොමිෂන් සභාව. ඒ හත දිගටම තියෙනවා. එකක්වත් අහෝසි කරලා නැහැ. හැබැයි මේ කොමිෂන් සභා හත ස්ථාපිත කිරිමේ කාර්්‍යභාරයේදි යම් වෙනසක් ඇති කරලා තියෙනවා. ඒවා පත් කිරිම සම්බන්ධයෙන් වෙනස තමයි ඉස්සෙල්ලා තිබුණු ව්‍යවස්ථා මණ්ඩලය වෙනුවට දැන් පාර්ලිමේන්තු කවුන්සිලයක් තියෙනවා. ඒ පාර්ලිමේන්තු කවුන්සිලයේ යෝජනා හා අදහස් විමසිමට අනිවාර්ය යුතුකමක් හා වගකීමක් ජනාධිපතිවරයාට පැවරෙනවා.

20 වන සංශෝධනයෙන් වැරදි විදිහට පාර්ලිමේන්තුව පාවිච්චි කිරිමේ බලයත් ආණ්ඩුවෙන් අහිමි කරලා තියෙනවා. මේ රටේ ජනතාව දන්නවා සර්වජන ජන්ද බලය පළාත් සභා මට්ටමින් අහෝසි කිරිම සඳහා කූඨ වැඩපිළිවෙලක් දියත් කළා යහපාලන රජය. පළාත් සභාවලට කාන්තා සම්බන්ධයෙන් කියලා පනතක් ඉදිරිපත් කරලා ඊට පස්සේ කමිටු අදියරේ සංශෝධන 34ක් පිටු 39ක් එක්කාසු කළා. ඒ පනතේ ස්භාවය සම්පුර්ණයෙන් වෙනස් කළා. ඒ කූඨ ක්‍රියාමාර්ගය තුළින් පළාත් සභා ජන්දය අහෝසි කළා. එහෙම දෙයක් මීට පස්සේ නොවන්නට වැඩ කටයුතු සලසලා තිබෙනවා 20 වන සංශෝධනයෙන්.

අවසාන වශයෙන් ප්‍රජාත්‍රන්ත්‍රවාදයට අනුකූල ප්‍රජාත්‍රන්ත්‍රවාදී සංස්කෘතියක් තව දුරටත් තහවුරු වන වගන්ති 20 වන සංශෝධනයේ පැහැදිලිව ඇතුළත් වෙලා තියෙනවා. ජනාධිපතිවරයාගේ වාර දෙක කිසිසේත් වෙනස් කරලා නැහැ. තුන්වෙනි වාරයක් බැහැ. ඒ තිබිච්ච තත්ත්වය ඒ විදිහටම රැකෙනවා 20 වන සංශෝධනයෙන්. ඒ වගේම ජනාධිපතිවරයාගේ නිල කාලය සහ පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු හය නෙමෙයි අවුරුදු පහයි. අනික තමයි තොරතුරු ගැනීමේ අයිතිය. ඒක ප්‍රජාත්‍රන්ත්‍රවාදි සමාජයක අත්‍යවශය ලක්ෂණයක්. ඒක ඒ විදිහටම තියෙනවා. මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. ඔක්තොම්බර් මාසයේදි විතර පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය වෙනවා. අපේ දැඩි විශ්වාසයක් තියෙනවා කිසිම සැනයකින් තොරව තුනෙන් දෙකක බහුතරය ඒකට ලැබෙනවා කියලා. සීමිත කාලයක් තුළ ඉටු කර ගැනීමට අවශ්‍ය බලතල රජයට ලබා දීම තමයි 20 වන සංශෝධනයේ අරමුණ හා අභිමතාර්ථය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා

විශේෂයෙන්ම පසුගිය තුන්වෙනිදා දවසේ තෙල් ප්‍රවාහනය කරන නිව්ඩයමන්ට් නෞකාව ගමන් කරන අවස්ථාවේ ඇති වෙච්ච ගින්න සම්බන්ධයෙන් අප අමාත්‍යාංශය යටත් පවතින වෙළඳ නැව් අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට ලැබෙන පණිවිඩයත් සමඟම ඉතාම ඉක්මනින් ඒ ආපදාව වළක්වා ගැනීමට ශ්‍රී ලංකා රජය හැටියට අපට සිදු වුණා කටයුතු කරන්න. ඉතාම ඉක්මනින් යුහුසුඵව ක්‍රියාත්මක වෙලා මේ ආපදාව නවත්වා ගැනිමට අවශ්‍ය කරන සියඵම කටයුතු සුදානම් කරන්න හැකියාව ලැබුනා ඒකාබද්ධ මෙහෙයුමක් හැටියට මෙය දියත් කිරිම තුළින්. මේ වන විට ගින්න සම්පුර්ණයෙන් නවත්තලා තියෙනවා. ඒකට මැදිහත් වුණු ශ්‍රි ලංකා වරාය අධිකාරිය, වෙළඳ නැව් අංශය, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ,යුධ හමුදාව, පොලීසිය ඇතුඵ ඒකට සම්බන්ධ වුණු සියඵම ආයතන වලට ඒ නිලධාරීන්ට රජයක් හැටියට ගෞරවය ස්තුතිය පුද කරනවා.

19 වන සංශෝධනය ඉදිරිපත් කරන කොට එවකට හිටපු ජනාධිපතිවරයා වු මෛත්‍රීපාල ජනාධිපති විසින් ඔබේ මාධ්‍යයේදි අපට ඇහෙනවා 19 වන සංශෝධනය ගෙනාවේ කවුද කියලා එතුමාවත් දන්නේ නැහැ කියලා. ඒ එක ප්‍රතිඵලයක්. 19 වන සංශෝධනය මේ රටට කොපමණ හිතකරද කියන මම දකින හොදම උදාහරණය තමයි 19 වන සංශෝධනය ගේන්න මුලිකත්වය ගත්තු රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමාට කොළඔ දිස්ත්‍රික්කයෙන් ඔහුගේ පාර්ලිමේන්තු ධුරයත් අහෝසි වීම. අපි දිගින් දිගමට පැවසුවා 19 වන සංශෝධනය මේ රටට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ අනුව තමයි අතිගරු ජනාධිපතිතුමාගේ ජන්දය තියන අවස්ථාවේදි අපි රටට හෙලි කළේ. ජනතාව ඒ ජන වරම අපට දුන්නා. ඒ වගේම තමයි තුනෙන් දෙකක බලයක් අපි ඉල්ලුවා. රටේ ජනතාව තුනෙන් දෙකක ජන වරමක් අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව විශ්වාස කරලා ලබා දීලා තියෙනවා. එහෙනම් පැහැදිලිව කියනවා මේ 19 වන සංශෝධනය රටට ගැලපෙන්නේ නැහැ කියලා. එහෙනම් ඒ අනුව තමයි මේ 20 වන සංශෝධනය මේ රටට ඉදිරිපත් කරන්නේ.

SendShareShare
Previous Post

20ට එරෙහිව පළමු විරෝධය හෙට සෝභිත පිළිරුව අසල

Next Post

ගෝඨාගෙන් රත්තරන් වැඩක්

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.