ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාට හා ඔහුගේ බිරිය වන සෙවුවන්දි රාජපක්ෂ මහත්මියට දියණියකගේ සුරතල් බැලීමේ වාසනාව උදා වී ඇත.
අද(8) ඇමරිකා එක්සත් ජනපදයේ දී මෙම දරු උපත සිදුවී ඇත.
අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේද අනාවරණය කර සිටියේ ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය ඇතුළත විදේශගත වීමේ සූදානමක් ඇති බවට කසුකුසුවක් ආණ්ඩුව ඇතුළේ යමින් ඇති බවත්, එහිදී අමෙරිකාවට ගොස් සිය පුතාගේ පවුලේ සුවදුක් බැලීමට සූදානමින් සිටින බවට එම කසුකුසුවෙන් කියවෙන බවත්ය.










