ජනපති මැදුර අත්පත් කරගත් අරගලකරුවෝ එහි සිට මාධ්‍ය හමුවක් පැවැත්වීමට පියවර ගත්හ.
එහිදී ඔවුන් ඉදිරි වැඩපිළිවෙළ ප්‍රකාශයට පත්කළහ.
1.ගෝඨාභය රාජපක්ෂ විධායක ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතුය
2. රනිල් ඇතුලු ආණ්ඩුවේ සියලු අමාත්‍යවරුන්, ලේකම්වරුන්, අධ්‍යක්ෂ මණ්ඩල, සභාපතිවරුන්, තානාපතිවරුන් ඉල්ලා අස්වීය යුතුය.
3 ජනතා නියෝජනය සහිත අන්තර්පාලන ආණ්ඩුවක් පිහිටුවිය යුතුය.
4 අරගලකරුවන්ගේ නියෝජනයක් සහ බලතල සහිත මහජන කවුන්සිලයක් පත් කළ යුතුය.
5 ජනතාවට වහා ආර්ථික සහන ලබා දිය යුතුය.
6 අත්අඩංගුවේ සිටින සියලු අරගලකරුවන් සහ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුය.
7 දේශාපලකයන් අයථා ලෙස ඉපයූ මුදල් සහ ව්‍යාපාරිකයන් නොගෙවූ බදු මුදල් අය කර ගත යුතුය.
8 ජනතා බලය සහතික කරන නව ව්‍යවස්ථාවක් බිහිකළ යුතුය.
9 නීතිය සැමට සර්ව සාධාරණ විය යිතුය.










