ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (03) සවස 6ට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවලංගු කිරීමට පියවර ගෙන ඇත.
අද උදෑසන ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කොට ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව එම රැස්වීම හෙට දහවල් 12ට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.










