ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ලබන 26 වැනි දින ජනාධිපතිවරයා විසින් කැදවා ඇති පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවීමට විපක්ෂයේ පක්ෂ නායකයන් රැසක්ම තීන්දු කර ඇති බව වාර්තා වේ.
ඒ වනවිට මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කොට තිබීම ඊට හේතුව බව දැනගන්නට ඇත.
ඒ අනුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් බොහෝදුරට ඊට සහභාගී නොවනු ඇති බව ඔවුන්ට සමීප ආරංචිමාර්ග සදහන් කරයි.
අනෙක් පක්ෂ නායකයන්ද ඊට සහභාගී වීම සම්බන්ධයෙන් තවමත් තීන්දුවක් ගෙන නැති බව දැනගන්නට ඇත.










