ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ පළමු වසර නිමිත්තෙන් සෑම අමාත්‍යංශයකම ප්‍රගතිය විදහා දැක්වෙන විනාඩි තුනේ වීඩියෝ ජනාධිපති මාධ්‍ය ඒකකයට ලැබෙන්නට සලස්වන මෙන් කර ඇති ඉල්ලීමට අනුව ලැබිය හැකි වීඩියෝ පිළිබද ලයිස්තුවක් සමගි ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව ඒ මහතා පෙන්වා දුන්නේ ධීවර අමාත්‍යංශයෙන් කොරෝනා පොකුර රට වටා ගිය ආකාරයත්, මහමාර්ග අමාත්‍යංශයෙන් සිංහරාජය කැපීම පිළිබදවත්, මුදල් අමාත්‍යංශයට ණය ගන්නා ආකාරයත්, සීතා අරඹේපොළ මහත්මියට කුඩ, ටෝච් ගන්නා ආකාරයත්, කෘෂිකර්ම අමාත්‍යංශයට පොහොර නැතිව වගා කරන ආකාරයත් පෙන්වමින් වීඩියෝ පට යැවිය හැකි බවකි.










