පවතින අභියෝගාත්මක අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී ඇති උපදෙස් පිළිපදින ලෙසත් ඇතැම් පාර්ශවයන් විසින් බෙදාහරිනු ලබන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී පිළිගත හැකි රාජ්‍ය තොරතුරු සේවාවලින් අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙසත් දැනුම් දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් සමාජ ජාල පිටුව ඔස්සේ රටේ මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර ඇත.











