ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන් හට රාත්රී භෝජන සංග්රහයක් සදහා ආරාධනා කර තිබේ.
ජනාධිපතිවරයාගේ පළමු පදවිප්රාප්තිය නිමිති කොටගෙන ලබන 17 වැනිදා කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම රාත්රී භෝජන සංග්රහය පැවැත්වීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් 150 දෙනාටම ඒ සදහා ආරාධනා කර ඇති බව දැනගන්නට තිබේ.
2021 වසරට අදාළ ආණ්ඩුවේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේද 17 වැනි දිනය.










