• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතා විරෝධය තේරුම් ගන්න! ජනාධිපතිටයි අගමැතිටයි ජනතාව විරුද්ධයි! රට විනාශ කරන්න එපා! මෛත්‍රී නිවේදනය කරයි!

July 10, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මේ ආණ්ඩුවට පිළිගැනීමක් නෑ! අගමැතියි මේ ආණ්ඩුවයි දැන් යන්න ඕන! අලුත් ආණ්ඩුවක් එන්න ඕන! මම නායකත්වය දෙන්න ලෑස්තියි! ජාත්‍යන්තර සහයෝගය ගේන්නත් සූදානම්!
Share on WhatsAppShare on Facebook

ජනතාව රටේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පළ කරන විරෝධය තේරුම් ගන්නා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ඒ පිළබද සදහන් කරමින් ඒ මහතා නිකුත් කළ නිවේදනය මෙසේය.

විශේෂ ජනමාධ්‍ය නිවේදනය

කාලීනව ආර්ථික සමාජයීය, දේශපාලනික ක්ෂේත්‍ර නිසි ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කිරීමට අසමත්වීමත් ජාතික සංවර්ධනය සඳහා මේ සෞභාග්‍යමත් දේශයේ සම්පත් කළමනාකරණය කිරීමට දේශපාලන අධිකාරිය අපොහොසත්වීමේත් ප්‍රතිඵලයක් ලෙස උද්ගතවූ ආර්ථික අර්බුදය, පසුගිය මාස තුනක කාලය තුළ සීඝ්‍රයෙන් තීව්‍ර වෙමින් අද වන විට ඉතා බැරෑරුම් හා තීරණාත්මක අඩියකට රට පත් කර තිබේ. මෙම තත්ත්වය නිසි පරිදි විග්‍රහ කරගැනීමෙන් පසුව සර්ව පාක්ෂික අන්තර්කාලීන දේශපාලන ව්‍යුහයකින් රට යථා තත්ත්වයට පත් කර, දෙවනුව මැතිවරණයකින් මීළඟ ආණ්ඩුව පත් කිරීමේ අවස්ථාව ජනතාවට උදාකර දිය යුතුයැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කළේ මාස ගණනාවකට පෙරාතුව ය.

අද වන විට උද්ගතවී ඇති ජනතා විරෝධය අනුව තවදුරටත් බලයේ රැඳී සිටීමේ දේශපාලනික හෝ සදාචාරාත්මක යුක්ති යුක්ත අයිතියක් වත්මන් ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට නැත. ජනතා විරෝධය තේරුම් නොගෙන තවදුරටත් කටයුතු කරන්නේ නම් රට තුළ ඉතා භයානක තත්ත්වයක් උද්ගතවීමට ඉඩ ඇති බව පැහැදිලි ය.

එහෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගකිවයුතු සියලු පාර්ශවයන් වෙත පහත යෝජනා තරයේ අවධාරණය කර සිටී.

  1. ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතුය.
  2. ජනාධිපතිවරයකු පත් කරගන්නා තෙක් කථානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කරගත යුතුය.
  3. යෝජිත සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුව ස්ථාපනය කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ගෙන් සමන්විත වන ජාතික විධායක සභාවක් හෝ නායකත්ව මණ්ඩලයක් ස්ථාපනය කළ යුතුය.
  4. එම ජාතික විධායක සභාවේ හෝ නායකත්ව මණ්ඩලයේ හා ක්‍රියාකාරී සිවිල් ක්‍රියාකාරීන්, විද්වතුන්, වෘත්තිකයන්ගේ එකඟතාවයෙන් යුක්තව ජනාධිපති හා අගමැති පත් කරගත යුතුය.
  5. රට අර්බුදයට පෙර තිබූ තත්ත්වය කරා ගෙනයෑම සඳහා අත්‍යවශ්‍ය හා ඉලක්ක ගත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සීමිත විෂය පථයන් සංඛ්‍යාවකින් සමන්විත අර්බුද කළමනාකරණ කැබිනට් මණ්ඩලයක් පත් කර ගත යුතුය.
  6. අර්බුද කළමනාකරණ කැබිනට් මණ්ඩලයේ විෂය ක්‍රියාවට නැගීමේදී විද්වතුන්, වෘත්තිකයින්, සිවිල් ක්‍රියාකාරීන් ජනමත නායකයින්ගෙන් සමන්විත ජාතික උපදේශක සභාවක් ඒ ඒ අමාත්‍යාංශ අනුබද්ධිතව පිහිටවිය යුතුය.
  7. අර්බුදය කළමනාකරණය කිරීම සඳහා ඉහත ක්‍රියාකාරී හා උපදේශන යාන්ත්‍රණයන්ගෙන් සමන්විතව ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව, අත්‍යවශ්‍ය සේවා, සමාජ සුභසාධනය හා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල, හා සමාජ දේශපාලනික ප්‍රතිසංස්කරන/ප්‍රතීයාන්ත්‍රීකරණ එළඹුම් ඉලක්ක කරගත් ඒකාබද්ධ කළමනාකරණ වැඩපිළිවෙලක් ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය.
  8. නොපමාව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය ප්‍රශස්ත සංශෝධනය සහිතව යළි සම්මත කිරීම කළ යුතුය.
  9. රට අර්බුදයට පෙර තිබූ තත්ත්වය කරා පත් කළ වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත් කරගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට උදාකළ යුතුය.
  10. ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම, හා ශ්‍රී ලංකාව දියුණු දේශයක් කිරීම සඳහා අවශ්‍ය නෛතික, ව්‍යවස්ථාමය පදනම ගොඩනැගීමටත්, සමාජ දේශපාලනික ප්‍රතියාන්ත්‍රීකරණයන් ක්‍රියාත්මක කිරීමටත්, අවශ්‍ය ව්‍යුහාත්මක පරිවර්තනයන් කිරීමටත්, නව ව්‍යවස්ථාවක් සම්පාදනය එම නව රජයේ ප්‍රමුඛ කාර්යය විය යුතුය.

මෛත්‍රීපාල සිරිසේන
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති,

SendShareShare
Previous Post

සර්ව පාක්ෂික ආණ්ඩුවක්! අද තීරණාත්මකයි!

Next Post

ජනාධිපතිගෙ පුතාගෙ අමෙරිකාවෙ නිවස ඉදිරිපිට ශ්‍රී ලාංකිකයන් උද්ඝෝෂණයක් අරඹයි! (VIDEO)

MORE NEWS

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.