ජනතාව පීඩාවට පත් කරන පාලකයන්ගෙන් රට මුදා ගෙන ජනතාවගේ ගැටලුවලට පැහැදිලි උත්තර සැපයිය හැකි නායකත්වයක් රට තුළ ඇතිවේවා යන අරමුණ පෙරදැරිව මහනුවර දළඳා මාළිග පරිශ්‍රයේ පිහිටි නාථ දේවාල භුමියේ සුවිශේෂී සත්‍යග්‍රහයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මූලිකත්වයෙන් පැවැත්විණි.
රටට සෙත් පතා යහපත් පාලනයක් රට තුළ අපේක්ෂා කරමින් සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයින් රැසක් ඇතුලු විශාල පිරිසක් මේ සඳහා සහභාගී විය.