ජනගහනයෙන් 31%ක් අන්ත දිළිඳුභාවයට පත්ව සිටියදී රටේ ආර්ථිකය ශක්තිමත් බවට ඇතැම් ඇමැතිවරුන් කරන ප්‍රකාශ විහිළුසහගත බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. (Sri Lanka Latest News)
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙන්වා දෙන්නේ ජීවන බර දරාගත නොහැකිව ඇතැම් පුද්ගලයන් සිය දියණියගේ නිරුවත් ඡායාරූප අලෙවි කරන තත්ත්වයට පත්ව ඇති බවයි.
පාලකයන්ගේ වැරැදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ජනතාව මෙලෙස දැඩි පීඩාවට පත්ව සිටින බවද විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.










