ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මෙතෙක් මුදල් ලැබී නැතැයි රජයේ මුද්‍රණාලය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එම තත්ත්වය තුළ තවදුරටත් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට හැකියාවක් නැති බවයි.
කෙසේ වෙතත්, දිස්ත්‍රික්ක 17ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.
එම ප්‍රකාශකයා පවසන්නේ, මීට පෙර මැතිවරණ දිනය ලෙස ප්‍රකාශයට පත් කර දිනය අදාළ ඡන්ද පත්‍රිකාවල මුද්‍රණය කර ඇති බවයි.
එහි සංශෝධන සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් කරුණු විමසීමට බලාපොරොත්තු වන බව ද රජයේ මුද්‍රණාලය පැවසීය.
මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වන බව මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නැතැයි මැතිවරණ කොමිසම පවසයි.
එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, එවැනි තත්ත්වයක් පිළිබඳ නිල වශයෙන් දැනුම් දෙන්නේ නම් කොමිසම රැස්වී ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නා බවය. -නිව්ස් ෆස්ට්










