එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළද ඊට අදාළ ගෙවීම් සිදු කරන ආකාරය දැනුම් දෙන තෙක් ඒවා ලබා දිය නොහැකි බව රජයේ මුද්‍රණ දෙපාර්තමෙන්තුව විසින් ලිඛිතව දන්වා ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ එම පත්‍රිකා අද දිනයේ ලැබීමට නියමිතව තිබූ නමුත් සවස් වරුවේ මුද්‍රණාලයාධිපතිනිය විසින් එවනු ලැබූ ලිපියක මේ බව සදහන්ව ඇති බවකි.
හෙට දිනයේ ඒ සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයන් සමග සාකච්ඡා කරන බවද හෙතෙම පැවසීය.










