මැතිවරණ කොමිසම සහ රාජ්‍ය පරිපාලන ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා අතර අද දිනයේදී පැයකට අධික සාකච්ඡාවක් පැවැත්වී තිබේ.
ඉකුත් අගහරුවාදා දිනයේදී හපුහින්න මහතා මැතිවරණයේ ඇප මුදල් බාර ගැනීම අත්හිටුවන ලෙසට යොමු කළ ලිපිය සම්බන්ධයෙන් විමසීම සදහා කොමිසම විසින් කළ කැදවීමකට අනුව හපුහින්න මහතා අද කොමිසම හමුවට ගොස් තිබිණ.
එහිදී හපුහින්න මහතා ප්‍රකාශ කොට ඇත්තේ කැබිනට් ලේකම්වරයා විසින් තමන් වෙත එවනු ලැබූ පත්‍රිකාවට අනුව තමන් මෙම ලිපිය යොමු කළ බවකි.
එහිදී කැබිනට් ලේකම්වරයා විසින් එවනු ලැබූ පත්‍රිකාවද හපුහින්න මහතා කොමිසම වෙත ඉදිරිපත් කොට තිබේ.
එමෙන්ම අදාළ උපදෙස වැරදි බව වැටහී යාමත් සමග පැයක් ඇතුළත ඒ මහතා විසින්ම අදාළ නියෝගය අත්හිටුවමින් නිකුත් කළ චක්‍රලේඛයද හපුහින්න මහතා විසින් කොමිසමට ඉදිරිපත් කොට ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් විමසීම සදහා ඉදිරියේදී කැබිනට් ලේකම්වරයාද කොමිසම හමුවට කැදවීමට එහි ප්‍රධානීන් සූදානමින් සිටින බව කොමිසමේ ආරංචිමාර්ග සදහන් කරයි.