• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දෙට සල්ලි දෙන්න ආණ්ඩුව ව්‍යවස්ථාවෙන්ම බැඳිලා ඉන්නවා! ඒක ආණ්ඩුවේ වගකීමක්! මැතිඇමැතිවරු පෝලිමේ ඇවිත් ඡන්දෙ කරන්න සල්ලි නෑ කියද්දී මැතිවරණ කොමිසම මාධ්‍ය හමුවකට ආණ්ඩුවට ව්‍යවස්ථාපිත වගකීම මතක් කර දෙයි!

January 4, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ඡන්දෙට සල්ලි දෙන්න ආණ්ඩුව ව්‍යවස්ථාවෙන්ම බැඳිලා ඉන්නවා! ඒක ආණ්ඩුවේ වගකීමක්! මැතිඇමැතිවරු පෝලිමේ ඇවිත් ඡන්දෙ කරන්න සල්ලි නෑ කියද්දී මැතිවරණ කොමිසම මාධ්‍ය හමුවකට  ආණ්ඩුවට ව්‍යවස්ථාපිත වගකීම මතක් කර දෙයි!
Share on WhatsAppShare on Facebook

මැතිවරණය පැවැත්වීම සඳහා සියලු කටයුතු නිසි අයුරින් සිදුකරමින් පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

පළාත් පාලන ඡන්ද විමසීම සමබන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා,

අපි නාමයෝජනා භාරගැනීමෙන් පසුව සති 5ක් සහ සති 7ක් කියන කාලයක් තුළ තමයි මැතිවරණය පවත්වන්න සිද්ධවෙන්නේ.  

කඩදාසි හිඟය බැලට් පේපර් මුද්‍රණයට ගැටලුවක් වෙයි ද ?

මැතිවරණ කටයුතු සඳහා අපි සියලුම මුද්‍රණ කටයුතු සිදුකරනු ලබන්නේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවත් සමඟ. ඒ අනුව එහි මුද්‍රණාලයාධිපතිතුමිය සහ අනෙකුත් කාර්ය මණ්ඩලය එහෙම ගැටලුවක් තියෙනවා කියලා නෑ. අවශ්‍ය කටයුතු සියල්ල නිසි ආකාරයෙන් සිද්ධවෙනවා. අපි මේ මැතිවරණය තියන්න තිබ්බේ ගිය අවුරුද්දේ ඒ හින්දා අපි ගිය අවුරුද්දේ සිටම මේ සඳහා සූදානම් වෙලා තිබුණා. 

මූල්‍ය අර්බුදය කොයි ආකාරයෙන්ද කළමනාකරණය කරගන්නේ ?

මැතිවරණ කොමිසම විදියට අපිට තියෙන කාර්යභාරය තමයි ව්‍යවස්ථාපිතව පැවරිලා තියෙන ඒ කාර්යභාරය ඉටුකිරීම. ඊට අවශ්‍ය කරන මූල්‍යමය පහසුකම් සැපයීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බැඳිලා තියෙනවා පවත්නා රජයේ වගකීමක් විදියට. ඒ අනුව මහා භාණ්ඩාගාරය සහ ඒ අදාළ ආයතන ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරනු ඇති බවට අපිට විශ්වාසයක් තියෙනවා.

පළාත් පාලන ආයතන 340 කට අදාළ ඡන්ද විමසීමේ නාමයෝජනා ලබන 18 වනදා සිට 21 වනදා දක්වා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව අද තීරණය කළේය.

ඒ අනුව ලබන 21 වනදා දහවල් 12 න් නාමයෝජනා භාරගැනීමේ කාලය අවසන් වෙයි.

මෙහිදී මහ නගර සභා 24 ක් නගර සභා 41 ක් හා ප්‍රාදේශීය සභා 275 ක් ඇතුළත් පළාත් පාලන ආයතන 340 ක් සඳහා මෙලෙස නාමයෝජනා කැඳවා තිබේ.

මෙම පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 9,347 දෙනෙකු නාමයෝජනා භාරදීමට නියමිතය.

කෙසේ වෙතත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල කාලය වසර 5 සම්පූර්ණ නොවීම හේතුවෙන් එහි නාමයෝජනා කැඳවීම සිදු නොවේ.

ඡන්ද විමසීමට අදාළ ඇප මුදල් භාර ගැනීම අද දිනයේදිම ආරම්භ වු අතර 20 වැනිදා දහවල් 12 ට එහි කාලය අවසන් වෙයි.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් ඉදිරිපත් කරනු ලබන එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් 1,500 ක ඇප මුදලක් ද ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් 5,000 ක් බැගින් ද ඇප මුදල් තැන්පත් කළ යුතුවෙයි.

එමෙන්ම පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීම හෙට සිට ආරම්භ කෙරෙයි.

ජනවාරි 23 වනදා මධ්‍යම රාත්‍රි 12 න් තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීමේ කාලය අවසන් වෙයි.

SendShareShare
Previous Post

ඡන්දය ප්‍රකාශයට පත් කරපු ගමන් ගාමිණී දිසානායකගේ පුතා ඡන්ද ප්‍රතිපල ගැන ප්‍රබල අනාවැකියක් කියයි! (VIDEO)

Next Post

ඈ යකෝ ගිය කන්නෙ ආණ්ඩුව වී මිලදී ගත්තද? ඡන්දයක් තිබුණද? වී මිලදී ගත්තෙත් නෑ ඡන්දයක් තිබ්බෙත් නෑ! කාබනික පොහොරවලට මිලියන 60000ක් විනාශ කළා! මිලියන 7000ක් ඉන්දියාවෙ නැනෝ පොහොරවලින් ගැහුවා! චීන අසූචි නැවට ඩොලර් මිලියන 6.7ක් නිකම් ගෙව්වා! උඹලට එව්වට සල්ලි තියෙනවා! ඡන්දෙ කිව්වාම සල්ලි නෑ! මේවා සුකුරුත්තම් කතා! අමරවීරගේ නැති බණේට නාමල් දුවන්නම දෙයි! (VIDEO)

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.