දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ලබන සෙනසුරාදා (11) දින මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා පැවසුවේ පළාත් පාලන මැතිවරණයට අදාළව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා එම කැදවීම සිදුකර ඇති බවයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදුකිරීමට නියමිතව තිබේ.