පළාත් පාලන මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු අවසන් කර ඇති බව මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසයි.
ADVERTISEMENT
අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ අද දිනයේ සිට ඡන්ද පෝළිම් දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කරන බවය.
කෙසේවෙතත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් එම කටයුතු අකර්මණ්‍ය වී ඇති බව මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් පවසයි.