චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ලබන මස ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සැලසුම් කර ඇත.
මාස කිහිපයක් අතුළත ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉහළ පෙළේ තුන්වැනි චීන නියෝජිතයා වන්නේ විදේශ අමාත්‍ය වැන් යී ය.
මීට දින කිහිපයකට ඉහතදී චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග් මහතා ලංකාවේ සංචාරය කළ අතර මාස කිහිපයකට ඉහතදී චීන රජයේ දෙවැනියා ලෙස සැලකෙන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යැන්ග් ජිචෙයි ද ලංකාවේ සංචාරයක නිරත විය.
මේ සතියේ ආණ්ඩුව පෝට් සිටි කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නියමිතය.










