• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

‘චීනෙ නෝ…! ඉන්දියා නෝ..! ජපාන ණය සමුළුවත් නෝ..! අයි.එම්.එෆ්. සල්ලි කෝ..? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

December 10, 2022
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
‘චීනෙ නෝ…! ඉන්දියා නෝ..! ජපාන ණය සමුළුවත් නෝ..! අයි.එම්.එෆ්. සල්ලි කෝ..? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘අයි.එම්.එෆ්. ගිවිසුම ඉවර කරන්න තිබුණේ අගෝස්තු මාසයේ. අරගලය නිසා ඒක සැප්තැම්බර් මාසයට කල් ගියා…’

මේ රනිල් ජනාධිපති වී ජූලි 30 ලෝකෙටම ඇහෙන්න කියපු කතාවය. ඔහු කීවේ අරගලය නිසා අයි.එම්.එෆ්. ලෝන් ගැනීම කල්ගියා කියලාය. අරගලයට චෝදනා කරමින් ඔහු අයි.එම්.එෆ්. එකත් එක්ක ගිවිසුමකට ගියේ සැප්තැම්බර් පළමුවැනිදාය. ඊජිප්තුව අයි.එම්.එෆ්. එකත් එක්ක ගිවිසුමකට ගියේ ඔක්තෝබර් 27ය. දැන් අයි.එම්.එෆ්. රැස්වීමේ සැප්තැම්බර් 01 ගිවිසුම් ගහපු න්‍යාය පත්‍රයට ලංකාවට ඇතුළත් කොට නැත. ඔක්තෝබර් 27 ගිවිසුම් ගහපු ඊජිප්තුව ඇතුළත් වී ඇත. ඊජිප්තුව බලාපොරොත්තු වන බිලියන 03ක ණය ගනුදෙනුවේ පළමු වාරිකය දෙසැම්බරයේ දෙන්න අයි.එම්.එෆ්. සාකච්ඡා පටන් ගෙන තිබේ.

දැන් රනිල්ගේ ආණ්ඩුව කියන්නේ චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කල්යන නිසා අයි.එම්.එෆ්. ණය අනුමත වීම කල් යන බවය.

ඇත්ත කතාව නම් රනිල් අගමැති වෙන්නයි, ජනාධිපති වෙන්නයි, අරගලය මර්දනය කරන්නයි, සමගි ජන බලවේගය කඩන්නයි, පොහොට්ටුව කඩන්නයි දත කෑවා මිස අයි.එම්.එෆ්. වැඩේ හරියට කළේ නැත.

‘ෂෙහාන් සේමසිංහට පුළුවන්ද ඉන්දියාවයි, චීනයයි, පැරිස් ක්ලබ් එකයි එක්ක ණය ප්‍රතිව්‍යුහගත කරන්න…?’

මේ ෂෙහාන්ට කරන අවමානයක් නොව ඔහු මේ වැඩේට සුදුසු අයෙක් නොවේ. ඔහු හිටපු සමෘද්ධි රාජ්‍ය ඇමැතිවරයෙකි. කැබිනට් ඇමැතිවරයෙක්වත් නොවේ. රනිල් ඔහුව ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡාවලට දැම්මේ ඇයිද කියන එක බරපතළ ප්‍රශ්නයකි. අයි.එම්.එෆ්. එක මුල ඉඳලාම කීවේ අයි.එම්.එෆ්. එකත් එක්ක ගනුදෙනු කරන්න ෆුල් ටයිම් මුදල් ඇමැති කෙනෙක් පත්කරන්න කියාය. රනිල් එය කළේ නැත. ඔහු මුදල් ඇමැති ධුරය තමාටම තියාගෙන ෂෙහාන්ව අයි.එම්.එෆ්. එකටයි, ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡාවලටයි යැවීය.

‘එතකොට අයි.එම්.එෆ්. එක ලංකාව සීරියස් ගන්නවද…?’

රනිල් අයි.එම්.එෆ්. එකටයි, ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡාවලටයි යැවිය යුතුව තිබුණේ සර්වපාක්ෂික නියෝජිත පිරිසකි. ඉන්දියාව, ජපානය සහ පැරිස් ක්ලබ් සමග ණය ගැන සාකච්ඡා කරන්න හොඳම විශේෂඥයෝ ඉන්නේ සමගි ජන බලවේගයේය. චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සාකච්ඡා කරන්න රාජපක්ෂවරු හෝ ජ.වි.පෙ. යැවිය යුතුව තිබිණි. රනිල් මේ කාවවත් ළංකර නොගෙන දොඩම් ගොඩ වගේ ඔක්කොම බදාගන්න ගිහින් අයි.එම්.එෆ්. එකේ වැඩේ ඇනගෙන ඇත.

‘ජපානය ඇයි සද්දෙ වහල ඉන්නේ…?’

රනිල් ජනාධිපති වූ විගස කීවේ ලංකාවේ ණය හිමියන් සමග සාකච්ඡා කරන්න ජපානය ණය හිමියන්ගේ සමුළුවක් කැඳවන්න එකඟ වෙලා තියෙනවා කියාය. රනිල්, ජපානයේ හිටපු අගමැති අවමඟුලට ගිහින් ලෝකෙටම ඇහෙන්න කීවේ ණය හිමියන්ගේ සමුළුවක් කැඳවන්න ජපානය එකඟයි කියාය. ණය හිමියන්ගේ සමුළුවක් කැඳවන්න ජපානය එකඟ වූයේ නැති බව ජපානය කීවේ රනිල් ජපානයේ ණය සමුළුව ගැන ප්‍රකාශයක් කොට පැය විසිහතරක් යන්නට පෙරය.

‘ඇයි ජපානය එහෙම කළේ…?’

ජපානයේ මෙරට තානාපති වරාය සහ ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල සම්බන්ධයෙන් ගෝඨා ජනාධිපතිව සිටියදී චෝදනාවක් කළේය. ජපාන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසටත් මේ චෝදනාව ගැන කීවේය. තානාපතිවරයා කීවේ නිමල් සිරිපාල සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අල්ලස් ඉල්ලූ බවය. ගෝඨාභය තානාපතිවරයාගේ චෝදනාවට බය සහ ලැජ්ජාවට පත්වී නිමල් සිරිපාලට ඉවත් වෙන්න කීවේය. නිමල් සිරිපාල ඉවත් විය. නිමල් සිරිපාල ඉවත් වෙන්න කලින් පැය 24ම ගත කළේ රනිල්ව අගමැති කරන්නටය. ඇමැති ධුරයෙන් ඉවත් වූවාට පසුව පැය 24ම ගත කළේත් රනිල්ව ජනාධිපති කොට ඇමැති ධුරය හිමි කරගන්නටය. රනිල් ජනාධිපති වූ විගස නිමල් සිරිපාලගේ උපදෙස් මත කමිටුවක් පත්කොට ඔහුව නිදොස් කොට නිදහස් කර යළි එම ඇමැති ධුරයටම පත් කළේ නිමල් සිරිපාලට කෘතගුණ දක්වන්නටය. මෙය ජපාන තානාපතිවරයාට කනට ගැහුවා වගේය. නිමල් සිරිපාලට කෘතගුණ දක්වන්න වෙන අමාත්‍යාංශයක් දුන්නා නම් කමකුත් නැත. දුන්නේ ජපාන තානාපති චෝදනා එල්ල කළ ව්‍යාපෘතියට අයත් අමාත්‍යාංශයය. රනිල් ජපානයට පෙන්නුවේ ජපානයට වඩා තමන්ට නිමල් සිරිපාල වටිනවා කියාය.

ජේ.ආර්.ගේ කාලයේ 83 ජූලි කලබලවලින් දමිළයන්ට සිදුවූ හානි ගැන ඉන්දියාව හිටියේ දැඩි කෝපයෙන්ය. ජේ.ආර්. ඉන්දියාව සමග පලුදු වූ සබඳතා අලුත් කරගන්න ලොකු උත්සාහයක් ගත්තේය. ඉන්දියාව කීවේ 83 ජූලි කලබලවලට සම්බන්ධ බවට චෝදනා ලබා සිටින සිරිල් මැතිව් ඇමැතිවරයාව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කොට දමිළ ජනතාවගේ විශ්වාසය දිනාගන්න ජේ.ආර්. කටයුතු කළ යුතු බවය. සිරිල් මැතිව් ජේ.ආර්.ගේ වම් අත මෙන් විය. යූ.ඇන්.පී.ය විපක්ෂයේ සිටි කාලයේ පක්ෂ නායක ඩඩ්ලි සහ ජේ.ආර්. අතර ප්‍රශ්න ඇතිවූ විට සිරිල් මැතිව් ගත්තේ ජේ.ආර්.ගේ පැත්තය. ජේ.ආර්., යූ.ඇන්.පී. වෘත්තීය සමිති ව්‍යාපාරය හදන වැඩේ සිරිල් මැතිව්ට දුන්නේ සිරිල් මැතිව් ගැන ලොකු විශ්වාසයකින්ය. යූ.ඇන්.පී.යට දිස්ත්‍රික්ක සංවර්ධන සභා ඡන්දය උතුරේ දිනන්න උතුරේ කෝලාහල කළේත් සිරිල් මැතිව්ය. ඔහු ජේ.ආර්.ගේ හුරතලෙක් මෙන් විය. යූ.ඇන්.පී. තග්ස්ලා මෙහෙයවූයේත් සිරිල් මැතිව්ය. සිරිල් මැතිව් අහිමි කරගැනීම ජේ.ආර්.ට අත කැපුවා වගේ වැඩක් විය. ඒත් ජේ.ආර්.ට ලංකාව රැකගන්න වටින්නේ සිරිල් මැතිව්ද, ඉන්දියාවද යන්න තීරණය කිරීමට සිදුවී තිබිණි. තමන්ට රැකෙන්න සිරිල් මැතිව් අවශ්‍ය බව ජේ.ආර්. දැන සිටියේය. ඒත් රට රැකගන්න ඉන්දියාව අවශ්‍ය බව ජේ.අර්. තේරුම් ගත්තේය. ජේ.ආර්., සිරිල් මැතිව්ව ඇමැති ධුරයෙන් ඉවත් කළේ යූ.ඇන්.පී.ය මවිතයට පත්කරවමිනි.

ඉන්දියාව කියන්නේ ලොව බලවත් රටකි. අගමැති මෝදි බලවත් නායකයෙකි. වරක් ඔහුගේ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබලයකු වන පක්ෂ ප්‍රකාශක අල්ලා දෙවියන්ට අපහාස වන ප්‍රකාශයක් කරනු ලැබීය. කටාර් ඇතුළු මුස්ලිම් රටවල් එයට විරෝධය පළ කළහ. මෝදි වහාම පක්ෂයට විශාල සේවයක් කළ පක්ෂ ප්‍රකාශිකාව ඉවත් කරනු ලැබුවේ ඇයට වඩා කටාර් රාජ්‍යය වටිනා නිසාය.
‘මාමා රට වෙනුවෙන් කළ පරිත්‍යාගය ඇයි බෑණාට කරගන්න බැරි වුණේ…?’

රනිල් මුල සිටම අයි.එම්.එෆ්. වැඩේ අනාගත්තා කීවේ ඒ නිසාය. ඔහු ජනාධිපති වූ විගස පැය 24ම වෙන් කළේ අරගලය මර්දනය කරන්නත්, ඒ ගැන ප්‍රකාශ නිකුත් කරන්නටත්ය. ඊළඟට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු බිලීබාගන්නත් පොහොට්ටුවේ මන්ත්‍රීවරු බිලීබාගන්නත් පැය 24ම පාර්ලිමේන්තුවට වී මන්ත්‍රීවරු සමග අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේය. ඊළඟට රැජිනගේ අවමඟුලට ගියේය. ජපාන හිටපු අගමැතිගේ අවමඟුලට ගියේය. පිලිපීනයේ ආසියානු සංවර්ධන බැංකුවේ රැස්වීමට ගියේය. ඊජිප්තුවේ පරිසර සමුළුවට ගියේය. මේ විදේශ සංචාරවලදී හමුවන රාජ්‍ය නායකයන්ගේ පින්තූර අරගෙන ලංකාවේ මාධ්‍යවල හෙඩ්ලයින් දමාගත්තේ ලෝකයම රනිල් එක්ක කියා පෙන්වන්නටය.

‘රනිල් ජනාධිපති කරන්න ඕනා අයි.එම්.එෆ්. එකට කතා කරන භාෂාව දන්න එකම මිනිහා රනිල්…’

මේ පොහොට්ුවත්, යූ.ඇන්.පී.යත් එදා කීව කතාය. අයි.එම්.එෆ්. එකට කතා කරන භාෂාව දන්න එකම මිනිසා ජනාධිපති විය. හැබැයි අයි.එම්.එෆ්. එක දෙසැම්බර් රැස්වීමෙන් ලංකාව අතහැරියේය.

‘මම්මා නෝ පප්පා නෝ ආප්ප කන්න තුට්ටු නෝ…’

මේ රනිල් චන්ද්‍රිකාගේ අයවැයක් ගැන විපක්ෂ නායක ලෙස කී සින්දුවකි. දැන් ඒ සින්දුව මෙහෙම වෙස් විය යුතුය.

‘චීනෙ නෝ… ඉන්දියා නෝ
ජපාන ණය සමුළුවත් නෝ
අයි.එම්.එෆ්. සල්ලි කෝ
භාෂාව දන්න රනිල් කෝ….’

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ආණ්ඩුවේ වෝටර්ස් එජ් පාටියට ආපු ගෝඨාව කවුරුත් වැඩිය ගණන් අරන් නෑ! පස්සේ ‌ගෝඨාම මේසෙන් මේසෙට ගිහින් මැතිඇමැතිවරු එක්ක කතා කරලා!

Next Post

බැසිල් ඡන්දෙට ලෑස්ති වෙයි! පොහොට්ටු කාර්යාලයට මැතිඇමැතිවරුන් කැඳවයි! සාකච්ඡා පිට සාකච්ඡා! (PHOTOS & VIDEO)

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.