• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චම්පික අනතුරු ඇඟවීමක් කරයි

March 27, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
කොරෝනා පරද්දන හැටි  චම්පික කියයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇත. ආසාදිතයන් ගණන ලක්ෂ 5 කරා ගමන් කරමින් සිටී. ශ්‍රී ලංකාවේ ඇඳිරි නීතිය දෙවැනි සතියට පියවර තබමින් සිටී. ඉන්දියාව දින 21 කට වසාදමා ඇත. කොවිඩ්-19 සමග මට ඇසුණු දැනුනු අත්දැකීම් කිහිපයක් මෙලෙසය.

කොළඹ ඇඳිරි නීතිය ලිහිල් වූ අඟහරුවාදා උදේම මා සිටින නිවසට, මා අමාත්‍යධූරය දරන කාලයේ නිල නිවස ගෙමිදුල හා අවට භූමිය සකස් කළ තරුණයා පැමිණියේය. ඔහු කොළඹ නගරයේ පැල්පත්වාසී දුප්පත් තරුණයෙකි. කිසිදු කුලී වැඩක් නොලැබුණු බවත්, කඩයකින් බඩු ගැනීමට සතයක් නැති බවත් ඔහු වැලපෙමින් කීවේය. මෙය ඔහුගේ පමණක් නොව කොළඹ නගරයේ ජීවත්වන පවුල් 70,000 ක අඳෝනාවද වන්නේය. ඔහුට සුළු මුදලක් මා ලබා දුන්නෙමි. මෙවැනි පිරිස්වලට ප්‍රදේශයේ ග්‍රමාසේවකවරයා හරහා ආහාර හෝ මුදලින් රු.10,000 ක් හෝ ඇඳිරි නීතිය සමයේ ලබාදිය යුතු බව මා කියා සිටියේ එබැවිනි.

මට දුරකථන ඇමතුම් මතුගමින් හා රත්නපුරයෙන් ලැබිණි. ඒ දෙකෙන්ම කියැවුණේ වතුකරයේ දෙමළ ජනයා කුසගින්නේ දුක්විඳින බවය. තේ, රබර් අපනයනයද ඇණහිට ඇති මේ මොහොතේ ඔවුන් ගලවා ගැනීමට කවර හෝ මධ්‍ය කාලීන හා කෙටි කාලීන වැඩපිළිවෙලක් අත්‍යාවශ්‍ය වේ. එසේ නැත්නම් ඊළඟට පැමිණෙන්නේ මංකොල්ලකෑම් හා ආහාර සඳහා ගහමරා ගැනීම්ය.
අප විසින් 2015-2019 කාලයේ කොළඹ පැල්පත් වාසීන්ට නිවාස 15,000 ක් පමණ ලබාදී තිබේ. ඔවුන්ගේ සමිති කිහිපයකට මම ඇමතුවෙමි. ආහාර හිඟය, මුදල් හිඟය, ඖෂධ හිඟය වැනි දුක්ඛදායක ආරංචි සමග සතුටුදායක ආරංචියක්ද ලැබිණි. එනම්, මත්පැන්, මත්ද්‍රව්‍ය පාලනය වී ඇති බවය.

වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලින් ඇසෙන්නේ බිය හා දුක පිලිබඳ කතන්දරය. ප්‍රමාණවත් ලෙස සෞඛ්‍ය පහසුකම් අනාගත රෝගීන්ට දිය හැකි වේදැයි ඔවුන් බියට පත්ව සිටිති. දිනපතා කොයි මොහොතෙක හෝ රෝගයට ලක්වේදැයි සිතමින් සිය දූ දරුවන් සමග ඔවුන් දුකට පත්ව සිටිති. මේ පිරිස ඇත්තටම අපගේ වීරයින් පිරිස නොවේද? කොවිඩ්-19 ට එරෙහි සටනේ මේ විරු දරුවන් රැක ගැනීම හා දිරිමත් කිරීම ජාතික වගකීමක් ලෙස සලකමි.
මාගේ හිතවත් වෛද්‍ය මහාචාර්යවරයෙක් කීවේ ඔහු සිය පුද්ගලික සායනික කටයුතු දැන් කරන්නේ whatsapp මාර්ගයෙන් බවය. දැන් බොහෝ දේශපාලන ක්‍රියාකාරීන් ක්‍රියාත්මක වන්නේ whatsapp මගින් බව මම ඔහුට කීවෙමි. 2009 දී whatsapp ලෝකයට දායාද කළ බ්‍රයන් ඇක්ටන් හා ජෑන් කූම් මේ අලුත් පාරභෞතික සබඳතා ගැන තවත් සතුටු වනවාට සැක නැත.
මගේ හිතවත් තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙකු කීවේ වසංගත සමයේ ලෝකයේ සමාජ සබඳතා මෙන්ම ආර්ථික සබඳතාද පාර-යතාර්ථයට (Hyper Reality) ගෙන යා යුතු බවය. දකුණු කොරියාව හා චීනය සිය කොවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීම හා පාලනය GIS තාක්ෂණය මගින් සිදුකරන ආකාරය ඔහු මට පැහැදිලි කළේය. අනාගතයේ බොහෝ අත්‍යාවශ්‍ය දෑ රොබෝ තාක්ෂණය (IOT) මගින් ඉටුකර ගැනීම සඳහා මහා ඉදිරි පිම්මක් (Giant Leap Forward) මේ විප්ලවකාරී තාක්ෂණයන් (Disruptive Technology) විසින් තැබිය යුතු බව ඔහුගේ අවධාරණය විය.

සුප්‍රකට ලේඛක නුවාල් හරාරිගේ අදහසක් වන Homo Sapien වෙනුවට ඉක්මනින්ම වසංගත වලට ඔරොත්තු දෙන පාර-යථාර්තය විසින් පාලනය කරන Homo Deus අවශ්‍ය බව ඔහුගේ අවධාරණය විය.

වෙනත් විදිහකට සිතන්නේද වෙති. ඉහළ මධ්‍යම පාන්තික වෘත්තීයවේදිනියක මා හට කීවේ ඕට්ස්, කිරි, බේකන්, බිත්තර ආදිය උදේ ආහාරයට ගත් තම දරුවන් දැන් කන්කෙඳිරියකින් තොරව බත්, සම්බෝල, කිරිහොදි කන බවය. දරුවන්ට සිංහල හාල් පුරුදු කරලීමට කොවිඩ්-19 උපකාරී වී ඇති බව ඇයගේ මතය විය.

මෙය වැඩිදුරටත් ඉදිරියට ගෙන ගිය මා හිතවත් මාධ්‍යවේදිනියක් කීවේ ඊ.එෆ්. ෂුමාකර්ගේ “පුංචි නම් ලස්සනයි” කෘතිය යළි ප්‍රචලිත කළයුතු බවය. බලශක්ති හිඟය හා පරිසර දූෂණය විසින් ලෝකය ඉක්මනින්ම ස්වයංපෝෂිත, විමධ්‍යගත කුඩා නිෂ්පාදන හා සමාජ ඒකකවලට සකස් කළයුතු බව ෂුමාකර් කීවේ 1970 දීය.

එහිදී මට මතක් වූයේ මගේ ජීවිතයද, චින්තනයද වෙනස් කළ ෆ්‍රිට්ජොෆ් කජරා විසින් රචිත Turning Point නම් කෘතියය. ලෝකයේ ආක්‍රමණික නූතන සංවර්ධන රටාව පරිසර හිතකාමී තාක්ෂණය හා පරිසර හිතකාමී ආර්ථික (කජරා ට අනුව බෞද්ධ) සහිත නව සංවර්ධන රටාවකට පිවිසිය යුතු බව ඔහුගේ තර්කය විය. නූතන බටහිර පරිසර ව්‍යාපාර වල පදනම කජරාගේ චින්තනය විය.
අවසාන වශයෙන් මිනිසුන් ජීවිතයේ අනියත බව වටහා ගනිමින් සිටිති. ඇතැමුන් කොවිඩ්-19 යොදාගෙන ධනය, බලය උපයා ගන්නා ආකාරය ගැන සිහින දකිද්දී බහුතරයක් දෙනා පරෝපකාරය, පරාර්ථකාමීත්වය හා ධාර්මික ජීවිතය දෙසට හැරෙමින් සිටිති. විද්‍යාව මතින් අමරණීය වන්නට ගිය මිනිසා මරණය ළඟ නතර වී ඇත. විසඳුම ඇත්තේ බ්‍රයන් ඇක්ටන් අතද? ඊ.එෆ්. ෂුමාකර් අතද? නැත්නම් අනිත්‍ය පදනම් කරගත් බෞද්ධ දර්ශනය මතද?

පාඨලී චම්පික රණවක

SendShareShare
Previous Post

ඩේටා-රීලෝඩ් ‌වෙනුවෙන් රවී සටනක

Next Post

කොරෝනාවෙන් ලාංකිකයෙක් මරුට

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ලෝක දේශපාලන කරළිය යළිත් රත්වෙයි! ලෝක නායකයකු ගැන හද දවන පුවතක්! ස්වභාවික විපත් ගැනත් ප්‍රවේසමෙන්! මෙරට තත්ත්වයේ සාමකාමී බවක්! රට...

Read more
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.