• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චමල්ගේ කටින් පැන්න මොකද්ද මේ සිංහරාජේ වැව් දෙක

March 31, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
චමල්ගේ කටින් පැන්න මොකද්ද මේ සිංහරාජේ වැව් දෙක
Share on WhatsAppShare on Facebook

වෙන කවරදාටත් වඩා සිංහරාජ වැසි වනාන්තරය පිළිබඳ දැඩි කතාබහක් මේ වන විට රට තුළ නිර්මාණය වී ඇත. වර්තමානයේදී තරම් සිංහරාජය කතාබහට ලක් වූ යුගයක් මෑත ඉතිහාසයෙන් අපට සොයාගත නොහැක. දිගින් දිගටම සිංහරාජය සම්බන්ධ විවිධාකාරයේ සිදුවීම් පෙළක්ම වාර්තා වීම මේ කතාබහ එතරම්ම දැඩි වීමට හේතු වී ඇත. මේ සිදුවීම් මාලාවේ පළමුවැන්න ලෙස රට උණුසුම් කළේ සිංහරාජ වන රක්ෂිතයට අයත් භූමිය හරහා ඇදෙන නෙළුව, ලංකාගම මාර්ගය සහ දෙණියාය, ලංකාගම මාර්ගය පිළිසකර කිරීමට රජය කටයුතු කිරීමත් සමඟය. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ධුරයේ වැඩ බාර ගත් මුල් අවධිය විය. අනෙක් වැඩ කටයුතු පසෙකලා පෞද්ගලිකවම ලංකාගමට ගොස් එම මාර්ගයේ වැඩ කටයුතු පරීක්ෂා කිරීමට ජනාධිපතිවරයාට සිදුවන තරමටම රට තුළ ඇති වූ එම කතාබහ ප්‍රබල විය. පසුගිය කාල සීමාවේදී වනාන්තර හෙළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් රට පුරා ඇති වූ ආන්දෝලනය සිංහරාජයටද පොදු විය.

සිංහරාජයට අයත් ඉඩම්ද ඒ ආකාරයෙන් හෙළි කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් වාර්තා පළ වුණද, එම කතාබහ වඩාත් උණුසුම් වූයේ සිරස ලක්ෂපති වැඩසටහනේදී භාග්‍යා අබේරත්න නම් දැරිය සිදු කළ ප්‍රකාශයත් සමඟිනි. ඒ හරහා දින කිහිපයක් රටේ ප්‍රධාන පුවත බවට පත් වුණේද එම කතාබහය.

එම උණුසුම මැකී යන්නටද මත්තෙන් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිංහරාජය සම්බන්ධ උණුසුම දෙගුණ තෙගුණ කිරීමට හේතු විය. වීරකැටියේ පැවැති උත්සවයක් අමතමින් චමල් රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හම්බන්තොට ජනතාවට පිරිසුදු පානීය ජලය ලබා දීම සඳහා සිංහරාජ වනාන්තරය තුළ එකක් අක්කර පහකින් පමණ විශාල වැව් දෙකක් ඉදිකිරීමට කටයුතු කරන බවය.

“අපි තංගල්ල, වීරකැටිය, වලස්මුල්ල, බෙලිඅත්ත, බඹරැල්ල වගේ ඔක්කොම ගම්වලට වතුර දෙන්න ජනාධිපති මහින්ද මහත්තයා ඉන්න කාලේ වාරිමාර්ග ක්‍රමයක් ආරම්භ කළා ගිං සහ නිල්වලා ගඟේ වතුර ගිරුවාපත්තුවේ චන්ද්‍රිකා වැවට ගේන්න. ඒ ව්‍යාපෘතිය අපි එදා බාර දුන්නා චීන සමාගමකට. ඒ සමාගම ඒ ව්‍යාපෘතිය දැන් සැලසුම් කරලා තියෙනවා. නමුත් පසුගිය අවුරුදු පහේ මේ වැඩේ නැවතුණා. අපි ඒ සමාගමට යම්කිසි මුදලකුත් දීලා තිබුණා ඒ වැඩේ කරන්න. දැන් නැවත ඒක ක්‍රියාත්මක කරන්න අපි අවශ්‍ය පියවර අරගෙන තියෙනවා.

හැබැයි පොඩි අමාරුවක් තියෙනවා. මොකද අපි කුඩා වැව් දෙකක් උඩම බඳින්න ඕනෑ. වතුර එකතු කරලා පහළට ගේන්න ඕනෑනේ. ඒ එක වැවක් බඳින්න තියෙන්නේ සිංහරාජ වනාන්තරය ඇතුළේ. ඒ එක වැවක් අක්කර පහක් විතර වෙනවා. මෙහෙම වැව් බඳිද්දි කැලේ යට වෙනවා. සිංහරාජය කියන්නේ අධි ආරක්ෂිත කලාපයක්. ඇතුළු වෙන්න තියා ගහක් කොළක ඇටයක්වත් ඇහිඳ ගන්න බැහැ. ඒ හින්දා අපිට මේ වැව හදා ගන්න ඉඩ දෙන්න කියලා අපි ඒ අය එක්ක කතා කරනවා. එතන අක්කර පහ වෙනුවට අපි තව අක්කර 50ක්, 60ක්, 100ක් වනාන්තරය වැඩි කරලා දෙන්නම් කියන පොරොන්දුව මත අපි ඒ අය එක්ක කතා කරනවා.”

වාරිමාර්ග ඇමැතිවරයා අදහස් දැක්වූයේ එසේය.

වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් නැවත වරක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන “ගිං- නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය” සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇත්තේ 2014 සැප්තැම්බර් 02 වැනිදාය. නමුත් ගිං නිල්වලා ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා ආරම්භ වී ඇත්තේ 1936 වසර තරම් ඈතකදීය. ඒ ගිං, නිල්වලා සහ කළු ගඟ සම්බන්ධයෙන් දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ යෝජනාවක් හරහාය. එසේ වුවද, 2009 වසර තෙක්ම එය හුදු යෝජනාවක්ම පමණක් විය.

2009 වසරේදී ගිං නිල්වලා ව්‍යාපෘතිය නැවත වරක් කතාබහට ලක්වන්නේ ශ්‍රී ලංකාවේ වාරිමාර්ග ව්‍යාපෘති තුනක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළැඹීමට චීනයේ ලියාපදිංචි ඉදිකිරීම් සමාගමක් වන චයිනා සී. ඒ. එම්. සී. ඉංජිනියරින් කම්පැනි ලිමිටඩ් සමාගම කටයුතු කිරීමත් සමඟිනි. එහිදී අදාළ චීන සමාගම එවකට වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ එලෙස ගිවිසුම් ගතව තිබුණේ ගිං නිල්වලා, යාන් ඔය සහ මල්වතු යන ව්‍යාපෘති තුනක් සම්බන්ධයෙනි. යාන් ඔය සහ මල්වතු ඔය යන ව්‍යාපෘති ඉන් අනතුරුව ක්‍රියාත්මක වුවද, 2014 වසර වන තුරුම ගිං නිල්වලා ව්‍යාපෘතිය පිළිබඳ කිසිදු පියවරක් නොගෙන තිබීමද විශේෂත්වයකි.

අනතුරුව පත් වූ යහපාලන ආණ්ඩුව මෙම ව්‍යාපෘතිය නතර කර තිබුණේ ඊට අදාළව චීන සමාගමට ගෙවීම් සිදු කළ ආකාරය මුල්කර ගනිමිනි. ව්‍යාපෘතිය නතර කිරීමට කැබිනට් අනුමැතිය හිමි වීමෙන් පසු ඒ වන විට ව්‍යාපෘතිය සඳහා ගෙවා තිබූ අත්තිකාරම් මුදල ආපසු ගෙවන ලෙස චීනයේ සී. ඒ. එම්. සී. ඊ. සමාගමට දැනුම් දීමටද වාරිමාර්ග සහ ජල සම්පත් අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගත්තේය. යහපාලන රජය යටතේ ඉන් අනතුරුවද මේ ව්‍යාපෘතිය පිළිබඳ යම් යම් කතාබහ ඇති විය. ඒ සඳහා පෙර සැලසුම් වෙනස් කොට නව සැලසුමක් සකස් කිරීමට යහපාලන රජය පියවර ගත් බවක්ද වාර්තා විය. නමුත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිවක් ඒ කාලයේදී කතාබහ නොවීය. එමෙන්ම ව්‍යාපෘතිය නතර කිරීමට හේතු වූයේ යැයි ප්‍රකාශ වූ වංචා දූෂණවලට වග කිව යුත්තන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත් ආකාරයක් දකින්නට තිබුණේද නැත. චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය හරහා පසුගියදා නැවත වරක් කරළියට පැමිණියේ එලෙස සැමට අමතකව ගොස් තිබූ ගිං නිල්වලා ව්‍යාපෘතියය.

ගිං නිල්වලා ව්‍යාපෘතියේ පළමු සැලසුමට අනුව යෝජනා වී ඇත්තේ පිටදෙණිය, කොටපොළ සහ අම්පනාගල යන ස්ථානවල ඉදි කෙරෙන වේලි තුනක් උපයෝගී කොට ගෙන කුඩා ජලාශ තුනක් ඉදිකිරීමය. එලෙස එකතු කර ගන්නා ජලය උමං මාර්ග කිහිපයක් හරහා මුරුතවෙල ජලාශය දක්වා රැගෙන යාමට නියමිතය. ඉන්පසු එම ජලය ඇළ මාර්ගයක් හරහා චන්ද්‍රිකා වැවටත්, එතැනින් උඩවලව ජලාශය වෙතටත් ගෙන යෑමට අදහස් කරන බව යෝජිත සැලසුමේ දක්වා ඇත.

ඒ අතරින් ව්‍යාපෘතියේ ඉහළම කොටසේ ඉදිවන ජලාශ දෙක ඉදිකිරීමට යෝජිතව ඇත්තේ පිටදෙණිය සහ කොටපොළ යන ප්‍රදේශවලය. ගිං ගඟ හරස් කරමින් පිටදෙණිය ප්‍රදේශයේ වේල්ලක් ඉදිකිරීමට නියමිත අතර එය මීටර් 93ක දිගකින් සහ මීටර් 4.5ක උසකින් යුක්තය. ඒ හරහා ඉදිකිරීමට බලාපොරොත්තු වන ජලාශයේ පැතිරුම් ප්‍රදේශය අක්කර 14ක් වන බවද සැලසුමේ දක්වා ඇත. අනතුරුව එම ජලාශයේ ජලය යෝජිත කොටපොළ ජලාශය දක්වා ගෙන යෑමට නියමිතය. කොටපොළ ජලාශය ඉදිකිරීමට යෝජිතව ඇත්තේ නිල්වලා ගඟ හරස් කරමින් කොටපොළ ප්‍රදේශයේදී වේල්ලක් බැඳීම මඟිනි. එම වේල්ලේ දිග මීටර් 75ක් වන අතර උස මීටරයක් පමණ වන බවද සඳහන්ව ඇත. ඒ මඟින් කොටපොළ ඉදිකෙරෙන ජලාශය අක්කර 11ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී යනු ඇති බවද සැලසුම් කර ඇත.

චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ ව්‍යාපෘතියේ ඉහළ කොටසේ ඉදිකෙරන ඉහත සඳහන් ජලාශ දෙකෙන් එකක් ඉදිකිරීම සඳහා සිංහරාජ වනාන්තරයට අයත් භූමියෙන් අක්කර පහක් පමණ යටවන බවය.

චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයත් සමඟින් පරිසරයට ආදරය කරන බොහෝ දෙනකු දැඩි සේ කලබලයට පත් වූ ආකාරය දැක ගත හැකි විය. ඊට ප්‍රධාන හේතුව වූයේ යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස සිංහරාජ වනාන්තරය නම් කර තිබීමය. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත් ලෝක උරුම ලැයිස්තුවේ සිංහරාජයට හිමි වී ඇති තැන අහිමි වීමේ අවදානමක් පැන නැඟෙණු ඇති බවද පරිසරවේදීන්ගේ අදහස විය. අනතුරුව එය දේශපාලන වේදිකාවේද ප්‍රධාන මාතෘකාව විය.

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකාවේ කොමසාරිස් ජෙනරල් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා සඳහන් කළේ සිංහරාජය වැනි ලෝක උරුම ප්‍රදේශයක මෙවැනි සංවර්ධන ව්‍යාපෘතියක් ඉදිකිරීමේදී ඒ සඳහා යුනෙස්කෝ සංවිධානයේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවය. එසේ නොමැති වුවහොත් සිංහරාජ වනාන්තරයට ලෝක උරුම ලැයිස්තුවේ හිමිව ඇති තැන අහිමි වනු ඇති බවද සඳහන් කළ මීගස්වත්ත මහතා ඒ පිළිබඳව චමල් රාජපක්ෂ ඇමැතිවරයා හමු වී සාකච්ඡා කරන බවද සඳහන් කළේය. සිංහරාජය ශ්‍රී ලංකාව සතු ජාතික වස්තුවකි. එය ලෝක උරුමයක් ලෙස නම් කර ඇත්තේ එහි මිල කළ නොහැකි වටිනාකම නිසාය. වර්තමානයේදී ශ්‍රී ලංකාව සතු ලෝක උරුමයන් ගණන 08කි. ඒ පැරැණි පොළොන්නරුව නගරය, පැරැණි අනුරාධපුර නගරය, පැරැණි නුවර නගරය, සීගිරිය පුරාවිද්‍යා පරිශ්‍රය, රංගිරි දඹුලු ලෙන් විහාරය, ගාලු කොටු පවුර සහ සිංහරාජ වනාන්තරයය. මේ අතරින් සිංහරාජය වඩාත් සුවිශේෂී වන්නේ ලෝක උරුම ලැයිස්තුවේ ඇති එකම ස්වභාවික ස්ථානය එය වීම මතය. එය ලෝක උරුමයක් ලෙස නම් කර ඇත්තේ 1988 වසරේදීය. සිංහරාජය තුළ ජලාශයක් ඉදිකිරීම පිළිබඳව පරිසරයට ආදරය කරන බොහෝ දෙනා කලබල වී ඇත්තේ ඒ නිසාය.

අක්කර 18,900කට ආසන්න භූමි ප්‍රදේශයක් පුරා විහිදී ඇති සිංහරාජ වනාන්තරය මෙරට ජීවත් වන ඒක දේශීක සහ දුර්ලභ සත්ව සහ ශාක විශේෂයන්ගෙන් 50%කටම නිවහන වී ඇති බව මේ වන විට හඳුනා ගෙන ඇත. පරිසරවේදීන් පවසන්නේ ඇමැතිවරයා පවසන පරිදි වෙනත් තැනකින් සිංහරාජය සඳහා ඉඩම් ලබා දුන්නද, එම පරිසර පද්ධතියේ පවතින ජෛව විවිධත්වය නැවත කිසි දිනෙක ඇති නොවන බවය.

එමෙන්ම අදාළ ව්‍යාපෘතිය සිදුකළහොත් සිංහරාජ වනාන්තරයට පමණක් නොව පිටදෙණිය, දෙණියාය අවට ගම්වාසීන්ටද දැඩි ජීවන ගැටලු ඇති විය හැකි බව මේ වන විට විශේෂඥයින් පෙන්වා දී ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට යෝජිත උමං මාර්ගය ඉදිකිරීමට නියමිතව ඇත්තේ දෙණියාය, ලංකාගම ප්‍රධාන මාර්ගය යටිනි. ඒ හරහා ඒ අවට භූමිකම්පා ඇති වීමේ අවධානමක් මතු වන බවද ඔවුනගේ අදහස වී ඇත. ඊට අමතරව ගංවතුර, නියඟය වැනි විෂම පාරිසරික තත්ත්වයන් මේ හරහා උද්ගත වනු ඇති බවද ප්‍රකාශ වෙමින් ඇත. එමෙන්ම මෙය තවත් උමා ඔය ව්‍යාපෘතියක් වනු ඇති බවද බොහෝ දෙනාගේ අදහස වී ඇත. උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කළේද හම්බන්තොට ජනතාවට පානීය ජලය ලබා දීමේ මූලික අරමුණ සහිතව වුවද, බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබා ගැනීමට එම ව්‍යාපෘතිය අසමත් බව මේ වන විට තහවුරු වී ඇත.

මේ අතර සමාජයෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ තමා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමටද චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පසුව පියවර ගත්තේය. එහිදී ඇමැතිවරයා සඳහන් කර තිබුණේ තමා ප්‍රකාශ කළේ ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන පානීය ජල ප්‍රශ්නය මෙන්ම ජල මූලාශ්‍ර ආශ්‍රිත වැසි වනාන්තර සුරැකීමත් පිළිබඳව රජය මුහුණ දෙන සැබෑ තත්ත්වය සහ වගකීම පිළිබඳව වන බවය. ජාතික වනෝද්‍යාන සහ රක්ෂිත තුළ වනාන්තර ඉදිකිරීම දශක කිහිපයක සිටම වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන බවද සඳහන් කර ඇති ඇමැතිවරයා යාල, උඩවලව, කුමන වැනි ප්‍රධාන රක්ෂිත තුළ මේ වන විටත් එවැනි වැව් ඉදිකර ඇති බවත් ඒ තුළින් වනජීවීන්ගේ පානීය ජල ගැටලුව විසඳී වන ජීවීන් ජලය සොයා ගම්වැදීම අවම වී අලි මිනිස් ගැටුම පාලනය වී ඇති බවද නිවේදනයේ දක්වා ඇත. කෙසේ නමුත් දේශීය පාරිසරික ආයතන සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන සහ සංස්කෘතික සංවිධානයේ නිර්දේශ සහ නියමයන්ට පරිබාහිරව ක්‍රියා නොකරන බවත් ලෝකයේ දුර්ලභ වැසි වනාන්තරයක් සහ ජෛව ගෝල රක්ෂිතයක් වන සිංහරාජ වනාන්තරය ආරක්ෂා කිරීම පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ අමාත්‍යාංශයට පැහැදිලි අවබෝධයක් ඇති බවද එම නිවේදනය හරහා ඇමැතිවරයා අවධාරණය කර ඇත.

ඉන් පසු මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සඳහන් කළේ මෙය කවදා හෝ සිදු කළ යුතු ව්‍යාපෘතියක් ලෙස තමන් දකින බවය.

“නිල්වලා ගඟේ ගංවතුර ගැලීමත්, ගිං ගඟේ ගංවතුර ගැලීමත් නිසා විශාල හානියක් සිදුවෙනවා. ඒ වගේම දැනට අවුරුදු 90කට ඉස්සෙල්ලා විතර ඉඳන් කළු ගඟේ වතුරත් ගිං ගඟේ වතුරත් නිල්වලා ගඟේ වතුරත් ඊසාන දෙසට ගෙන යන සැලැස්මක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තියෙනවා. නමුත් කිසිම ආණ්ඩුවක් මේවා කරලා නැහැ. ඒ නිසා අද ජල පිපාසයෙන් පීඩාවට පත් වෙච්ච විශාල ජන කොටසක් ඉන්නවා. ඉතින් මේක කවදා හරි කෙරෙන්න ඕනේ. ගිං ගඟ ව්‍යාපෘතිය මං හිතන්නේ අවුරුදු ගාණකට ඉස්සෙල්ලා ඉඳලා තමයි සැලසුම් කරලා තියෙන්නේ. සිංහරාජ, මම දන්නවා සිංහරාජෙට ඒක ඉතාමත් ප්‍රශ්නයක්. නමුත් අවුරුදු ගාණක් තිස්සේ තිබිච්ච යෝජනාවක්.

ඒ යෝජනාවල තියෙනවා ගිං ගඟේ පහළ කොටසේ දැනට ජනතාව පදිංචි වෙලා ඉන්න කොටසක්. මං හිතන්නේ පවුල් 100කට අඩු ගාණක් පදිංචි වෙලා ඉන්න කොට්ඨාසයේ ඒ පදිංචි වෙච්ච ස්ථානයේ අක්කර පහක විතර සැලැස්මක් තියෙනවා පොඩි ජලාශයක්, නමුත් ඒක සැලැස්මක් ඒක යුනෙස්කෝ එකේ අවසරයත් ඉල්ලලා එයාලට අධ්‍යයනය කරලා මේකෙන් විශාල හානියක් සිදුවෙනවාද කියලා බලන්න කියලා තියෙනවා.”

බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පිළිතුරු දුන්නේ එසේය. ජලය නොමැතිව කිසිවෙකුට ජීවත් විය නොහැකිය. ජනතාවගේ මූලික අයිතිවාසියකමක් වන පානීය ජල ප්‍රශ්නයට විසඳුම් ලබා දීම රජයේ ප්‍රධාන වගකීමක් වී ඇත්තේ එබැවිනි. නමුත් එය සිදුකළ යුත්තේ අමිල වටිනාකමකින් යුතු ස්වාභාවික පරිසරයද රැක ගනිමිනි. ස්වභාව ධර්මය විනාශ වුවහොත් එහි බලපෑම අදට වඩා දැනෙන්නේ අනාගත පරපුරටය. අද හම්බන්තොට ජනතාව මුහුණ දී ඇති පානීය ජල ප්‍රශ්නය අනාගතයේ සමස්ත දිවයිනටම බලපාන ප්‍රශ්නයක් වන තැනට පත් කරවනවාද, නැද්ද යන තීරණය ගත යුත්තේ වර්තමානයේ ජීවත් වන්නන්ය.

වැව් දෙක නවතී

ලෝක උරුම සිංහරාජය ආශ්‍රිත ලංකාගම මාදුගැටේ ඉදිකිරීමට සැලසුම් කළ ජලාශ ව්‍යාපෘතිය නවතා දැමීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ එකඟ වූ බව යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය පවසයි.

ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එවැනි එකඟතාවකට පැමිණි බව ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත කියා සිටියේය.

“අපි යුනෙස්කෝ ආයතනය, ගරු චමල් රාජපක්ෂ ඇමතිතුමා එක්ක සාකච්ඡාවක් කර පැහැදිලි කළා, ඒක කරන එක සුදුසු නැහැ කියලා. ඇමතිතුමා ඒක පිළිගත්තා. ඒ අනුව සිංහරාජයේ කිසිම ජලාශයක් හදන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි සිංහරාජ ලෝක උරුමයට කිසිම අනතුරක් වෙන්න ඉඩ තියන්නෙත් නැහැ. රජයත් එහෙමයි, ඇමැතිතුමාත් ඒ දේ පිළිගත්තා. අපිත් ඒ පිළිබඳ විමර්ශනයෙන් ඉන්නේ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එවැනි එකඟතාවකට පැමිණියේ නම් ඒ බව ලිඛිතව ප්‍රකාශයට පත් කරන ලෙස පරිසර සංවිධාන, ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත ඇතුළු යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනයෙන් ඉල්ලා සිටී.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ලෝකෙම පුදුම කරමින් ලග්ගල මහ කැලේ විසූ සුදු හාමුදුරුවන්ගේ ආශ්චර්යය ගැන පළමු හෙළිදරව්ව

Next Post

ආටිගලට තව අවුරුද්දක් දෙයි

MORE NEWS

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.