තමන්ට ශ්‍රීලනිප සම්මේලනයට ආරාධනා කළ බව කියමින් පක්ෂ සභාපති සහ මහලේකම්වරයා ගල් පැලෙන බොරු ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සදහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහත්මිය පෙන්වා දෙන්නේ මෙවැනි අසත්‍ය ප්‍රකාශ කරන පක්ෂ පාළුවන්ගෙන් පක්ෂය බේරාගැනීමේ හෝරාව එළඹ ඇති බවකි.
ඇය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.
නිදහස් පක්ෂ ලේකම්ගේ ගල් පැලෙන කෙබර සහ සභාපතිගේ උපදෙසින් දැමූ කාර්යය මණ්ඩල තහංචි..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය පසුගිය දිනට යෙදී තිබිණි. ඒ සඳහා මා හට ද ආරාධනා කළා යැයි පක්ෂ ලේකම් දයාසිරි, පාක්ෂිකයන් හට සහ මාධ්‍ය වෙත පවසා ඇති අතර, එය අමූලික අසත්‍යයකි.
පසුගිය පක්ෂ සම්මේලන 3ටම මා හට කිසිඳු නිල ආරාධනයක් නොලැබුණු බව මා සහතිකව කියමි.
පක්ෂ සාමාජිකයන් තවදුරටත් මුලා කිරීමේ අරමුණින් මොවුන් ගොතන බොරු පිළිබඳව නුවණින් විමසා බැලීම සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ඔබගේ වගකීමකි. සම්මේලන සඳහා පමණක් නොව මධ්‍යම කාරක සභා රැස්වීම් සඳහා ද මට වසර ගණනාවකින් කිසිඳු ආරාධනාවක් ලැබුණේ නැත. එසේ ලැබුණේ නම්, මාගේ ආදරණීය පියා බිහිකළ, මව රැකගත්, මා හැදී වැඩුණු, මා හට රටට නොමැකෙන සේවයන් කිරීමට මගපෑදූ පක්ෂය වෙනුවෙන් මා ඒ සඳහා සහභාගී නෙවේ යැයි ඔබ සිතනවා ද? එසේ නම් එම ආරාධනයන් මා බාරගන්නේ එකසිතිනි. ඉදිරියටත් එය එසේමය.
පක්ෂ සභාපති සහ ලේකම් නිදහස් පක්ෂ මූලස්ථාන කාර්යය මණ්ඩලයට පවා උපදෙස් ලබා දී ඇත්තේ සංවිධානය කරන කිසිඳු පක්ෂ රැස්වීමකට හෝ උත්සවයකට මා හට ආරාධනා නොකරන ලෙසටය. ඒ සියල්ල දෙස මා බලා සිටිනුයේ අනුකම්පාවෙන් සහ උපේක්ෂාවෙනි. පක්ෂ පාළුවන්ගෙන් අප පක්ෂය බේරාගැනිමේ හෝරාව එලැඹ ඇත.