රට තුළ මතුව ඇති ආර්ථික අර්බූදය මුල්කරගෙන ආණ්ඩුවේ පළමු අයවැයෙන් සහන ලබා දීම කප්පාදු කළ යුතු බවට භාණ්ඩාගාර නිලධාරීන් විසින් අනතුරු ඇඟවීමක් කර ඇත.
පසුගිය වසරේ නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් පසු ව්‍යාපාරිකයන්ට වහාම ලබා දුන් බදු සහන හේතුවෙන්, භාණ්ඩාගාරයට ලැබීය යුතුව තිබූ රුපියල් බිලියන 490ක දැවැන්ත ආදායමක් අහිමිවීම මේ සදහා බලපා ඇති බව දැනගන්නට ඇත.
මේ තත්ත්වය යටතේ සහන ක්‍රියාමාර්ග අඩු කිරීම, වියදම් කපා හැරීම සහ වාහන වැනි සමහර භාණ්ඩ සඳහා ආනයන සීමා කිරීම් දිගටම කරගෙන යාමට රජයට බල කෙරෙනු ඇති බව මහා භාණ්ඩාගාර නිලධාරින් ආණ්ඩුවට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ආණ්ඩුවේ පළමු අයවැ ලබන නොවැම්බර් මාසයේ ඉදිරිපත් කිරීමට නියමිතය.