අමාත්‍ය ධූර ලබා දීම සම්බන්ධයෙන් සහ ජාතික ලයිස්තු ධූරය නම් කිරීම සම්බන්ධයෙන් තම පක්ෂයටද යම් ප්‍රශ්නයක් පැන නැගී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.
කෙසේවෙතත් එම අභියෝගය බාර ගැනීමට තම පක්ෂය සූදානම් බවද දයාසිරි ජයසේකර මහතා කීය.
එදා චන්ද්‍රිකා මැතිනිය මහින්ද රාජපක්ෂ මහතාට කළ දෑ අද මහින්ද මහතා විසින් තම පක්ෂයට කරමින් සිටින බවද දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.










