හොරණ ගුරුගොඩ ඔයේ යතුරු පැදියක ගැට ගසා හිටපු හමුදා කොමාන්ඩෝ සෙබළකු ගිල්වා මැරීම සම්බන්ධයෙන් සැකපිට ඉහළම හමුදා නිලධාරියකුගේ ආරක්ෂක ඒකකයේ සේවය කරන කොමාන්ඩෝ සෙබළෙකු අද (05) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව දැනගන්නට ඇත.
ඊට සහාය දැක්වූ බව කියන හිටපු හමුදා කොමාන්ඩෝ සෙබළකුද අත්අඩංගුවට ගෙන ඇති බව දැනගන්නට ඇත.
ගණේමුල්ල කොමාන්ඩෝ කදවුරේ රාජකාරී වේලාව අතරවාරයේ පැමිණ මෙම ඝාතනය සිදු කොට ඇති බවද දැනගන්නට ඇත.
අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයන්ගෙන් පොලිසිය මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බවද වාර්තා වේ.










