ගෝල්ෆේස් පිටියේ සෙනසුරාදා ඇරඹි අරගලයේ මේ ගෙවෙන්නේ තුන් වැනි දිනයය.
සෙනසුරාදා ගෝල්ෆේස් පිටියට ජනතාව පැමිණියේ සිංහ කොඩියක් අතට ගෙන ඇදිවත පිටිනි.
ඔවුන් අවම තරමින් වතුර බෝතලයක් හෝ රැගෙන ආවේ නැත.
එම නිසා ඊයේත් පෙරේදාත් ජනතාව දහස් ගණනින් පැමිණ අරගලයේ නියුතු ජනතාවට අවශ්‍ය සියලු දෑ සපයා දීමට පියවර ගත්හ.