වත්මන් රජය ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රශ්න දෙස සංවේදීව බලනවාට වඩා ඉන්දියාව ලංකාවේ ජනතාවගේ ප්‍රශ්න දෙස සංවේදීව බලන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පෙන්වා දෙයි.
ADVERTISEMENT
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ ජනතා ප්‍රශ්න විසදීම පසෙක තබා මේ වනවිට ආණ්ඩුව බලය රැකගැනීමේ සටනක් දියත් කර ඇති බවකි.
එසේ තිබියදී තමිල්නාඩු මහඇමැතිවරයා ලංකාවේ ද්‍රවිඩ ජනතාවට ආහාරපාන එවීමට ගත් තීන්දුව අගය කරන බව කියා ඇති සම්බන්ධන් මහතා ඒ සම්බන්ධයෙන් ස්තූති කොට ලිපියක් යැවීමට කටයුතු කරන බවද සිය නිවේදනයෙන් කියා ඇත.