පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ම එපා කියන කතාවේ පසුබිම් කතාව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් අද දින අනාවරණය කළේය.
ඒ මහතා කියා සිටියේ මෙය තනිකරම පොහොට්ටු පාර්ශ්වය විසින් ගෙන යන කැම්පේන් එකක් යැයි කියාය.
අද වනවිට පොහොට්ටුවට ජන්දය දුන් පිරිස් පෝලිමේ ගෝල්ෆේස් පිටියට ගොස් සෙල්ෆි ගසා ෆේස්බුක් දමා පව් කමාකරගන්නා බව කී ප්‍රනාන්දු මහතා සජබය එදා සිටම ආණ්ඩුවේ ඇත්ත තත්ත්වය රටට පෙන්වා දුන් බවද කීය.










