ජනතාවට සහ රටට සෙත් පතා පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී විහාර පුද බිමේ අද (30) පෙරවරුවේ පැවති ආගමික වතාවත්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී විය.
සෝමාවතී පුදබිමට ගොස් රාජමහා විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර සෝමාවති සෑ රදුන් වෙත සිදු කෙරුණු කප්රුක් පූජාවට ද ජනාධිපතිවරයා සහභාගි වී තිබේ.
සෝමාවතී පුදබිම බොහෝ අවස්ථාවල ගංවතුර තත්ත්වයන්ට ලක්වන ස්ථානයක් වන බැවින් එවැනි ආපදා තත්ත්වයකදී සහය විය හැකි ආකාරයෙන් ඉදිකෙරුණු හෙලිකොප්ටර් යානා අංගනයක් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද විවෘත කෙරිණ.















