ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (06) පෙරවරු 11ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
මෙම හමුවට රංජිත් මද්දුමබණ්ඩාර හිටපු අමාත්‍යවරයාද සහභාගී වීමට නියමිත බව පැවසේ.
මෙම සාකච්ජාවේදී රට තුළ මතුව ඇති තත්ත්වය සමතයකට පත්කර ගැනීම සදහා සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් වන යෝජනා ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.
සාකච්ජාව සම්බන්ධයෙන් පසුව නිවේදනයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.










