තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තනතුරතට පත් කළ යුතු බවට සදහන් කරමින් ආණ්ඩුව ඇතුළේ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුලු කිහිප දෙනකු විසින් ආරම්භ කොට ඇති මෙහෙයුම වහාම නවතා දමන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විමල් වීරවංශ මහතාට දැනුම් දී තිබේ.
පසුගිය සතියේ ජනාධිපතිවරයා සහ විමල් වීරවංශ මහතා අතර පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත.
එහීදී ජනාධිපතිවරයා තවදුරටත් දැනුම් දී ඇත්තේ තමන් පොදු ජන පෙරමුණෙන් තරග කොට ජනාධිපති ධූරයට පත්වූ බැවින් වෙනත් සංවිධානවල හෝ තනතුරුවලට පත්වීමට කටයුතු කළ නොහැකි බවකි.










