පාස්කු ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සම්බන්ධ බවට දේශපාලන රැස්වීමකදී කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අද (07) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, චාමින්ද කිරිදිගොඩ, ජගත් කුමාර, මධුර විතානගේ, සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක යන පිරිස මෙම පැමිණිල්ල ගොනු කොට ඇත.













