• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු කොමිසමට රහස් කියපු අය කව්ද? රහසින් කිව්වේ මොනවාද?

March 7, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
පාස්කු කොමිසමට රහස් කියපු අය කව්ද? රහසින් කිව්වේ මොනවාද?
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කළ කොමිසමේ අවසන් වාර්තාව මේ වන විටත් ප්‍රසිද්ධියට පත්ව හමාරය. ඒ සාක්ෂි සටහන් ඇතුලත් වෙලුම් නොමැතිවය. අවසන් වාර්තාව සකස් කිරීමට මුල්වන්නේ කොමිසමේ පොලිස් ඒකකය විසින් සටහන් කරගත් සාක්ෂි 1588කින් ලබාගත් සාක්ෂි 472ක් පදනම් කර ගනිමිනි. එම සාක්ෂි 472න්ද ඇතැම් සාක්ෂි ලබා ගන්නේ ඉතා රහසිගතවය. ඒ සාක්ෂිකරුවන්ගේ නම් ගම් පවා හෙළිනොවන්නටය. එම සාක්ෂි විමසීම් කෙරන දිනවල ජනමාධ්‍යට කොමිසම වාර්තා කිරීමට ආරාධනාද නොමැති විය. ඊට අමතරව ඇතැම් සාක්ෂිකරුවන්ගේ සාක්ෂිවලින් කොටස් පමණක් රහසිගතව විමසන්නට පවා කොමිසම වග බලා ගත්තේය. එසේම ඇතැම් සාක්ෂිකරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ සාක්ෂි ලබා දෙමින් සිටින අතරතුර කොළ කැබලිවල ලියා රහස් තොරතුරු කොමිසමට ලබාදෙන්නට පවා ඇතැම් සාක්ෂිකරුවන් වග බලා ගත්තේය. ඒ කොමිසමේ දැනුම්දීමට අනුවය.

ඥානසාර හිමි කොළයක නමක් ලියා දෙයි

එසේ සාක්ෂි ලබාදුන් සාක්ෂිකරුවන් අතර බොදුබලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද සිටියේය. රිෂාඩ් බදුයුදීන්ට චෝදනා එල්ලවී ඇති විල්පත්තුව වන විනාශය පිටුපස සිටින ප්‍රබල චරිතයක් ගැන ඥානසාර හිමියන් ප්‍රකාශයක් කරන්නට සූදානම් වූ අවස්ථාවේදී එම නාමය කොළ කැබැල්ලක ලියා ලබා ගන්නේද කොමිසම විසිනි. ඊට අමතරව මෙරට අන්තවාදීන් ගැන අවස්ථා කිහිපයකදීම උන්වහන්සේ කොළ කැබලිවල තොරතුරු සටහන්කර කොමිසම හමුවට ඉදිරිපත් කළේය. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී රවී සෙනෙවිරත්නද කොමිසම හමුවේ කොළ කැබැල්ලක ලියා තොරතුරු ලබාදුන් සාක්ෂිකරුවන් අතර සිටින්නෙකි. ඔහු කොමිසම හමුවේ ලියා දෙන්නේ සහරාන්ට ඉහළින් සිටි තැනැත්තා ගැනය.

කාදියාත් රහස් සාක්ෂියක් දෙයි

සහරාන්ගේ බිරිද කාදියා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන්නේ රහස් සාක්ෂියක් ලෙසිනි. ඒ ඇගේ ඉල්ලීම මත නොව කොමිසමේ තීරණයකට අනුවය. එසේම දෙහිවල බෝම්බකරු වූ ජෙමිල්ගේ බිරිදද සාක්ෂි ලබාදෙන්නේ රහස් සාක්ෂියක් ලෙසිනි. එසේම ජාත්‍යන්තර ත්‍රස්තවාදය ගැන විශේෂඥයෙක් වන මහාචාර්ය රොහාන් ගුණරත්නද කොමිසම හමුවේ රහස් සාක්ෂියක් ලබාදුන්නේය. ඒ එක් දිනක් ඔහු ප්‍රසිද්ධියේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුවය. එම සාක්ෂිය පාස්කු ප්‍රහාරයේ සැඟවුණු අයි.එස්.කරුවන් ගැනය. මේ වන විට ප්‍රසිද්ධියට පත්ව ඇති අවසන් වාර්තාවේද ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබද විශේෂඥයෙක් විසින් ලබාදුන් සාක්ෂියක් ගැන සඳහන්ව ඇත්තේය. අබුහීන්ද් ගැන කරුණු හෙළිකරන්නේ ඔහුය. මෙරට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට අබුහින්ද්ගේ සම්බන්ධයක් ඇතැයි නිගමනය කරන්නේ එම සාක්ෂියයි. අබුහින්ද් නැමැත්තා ඉන්දියාවේ පළාත් බුද්ධි අංශයක නිර්මාණයක් බව කියන්නේත් ඔහුය. ත්‍රස්ත ක්‍රියා සඳහා සිරියාවට සංක්‍රමණය වූ ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීමක් පිළීබද සොයා බැලූ බුද්ධි මෙහෙයුමකට අබුහින්ද් යොදාගෙන ඇති බව ද එම සාක්ෂිකරු කියා ඇත්තේය. එම සාක්ෂිකරුට අනුව අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු කොච්චිකඩේ දේවස්ථානය ආසන්නයේ නතරකර තිබුණු පුපුරණ ද්‍රව්‍ය ඇටවූ වෑන් රථය ගැන තොරතුරු පවා ලැබී ඇත්තේ ද එම ප්‍රභවය ඔස්සේය.
රහස් සාක්ෂිකාරියක් වූ සහරාන්ගේ බිරිඳ කාදියාද මෙම විශේෂඥ සාක්ෂිකරු සදහන් කළ අබුහින්ද් ගැන කීවාය. ඒ සිය සැමියා 2017වසරේ සිට අබුහින්ද් නැමැත්තෙක් සමග දුරකතනයෙන් කථාබහ කරන බවය. එසේම ඇය සිය රහස් සාක්ෂියෙන් සාරා ජෙස්මින් ගැනද කීවාය. ඒ ඇය සයින්දුමරුදු නිවසේ පිපුරුමෙන් මිය ගියේ නැතැයි කියාය. ඇය තවත් බොහෝ තොරතුරු කොමිසම හමුවේ කීවාය.
මෙරට පාස්කු ප්‍රහාරයට ඇමරිකාවෙන් නඩු පැවරූ තිදෙනා අතර සිටින නෞෆර් මව්ලවි නැමැත්තාගෙන්ද කොමිසම ලබාගන්නේ රහස් සාක්ෂියකි. ඔහුද අබුහින්ද් ගැන ප්‍රකාශයක් කළේය. ඒ අබුහින්ද් සමග සම්බන්ධකමක් පැවැති බවටය. එසේම පාස්කු ප්‍රහාරයට විරෝධය දක්වමින් සහරාන්ගේ කණ්ඩායම දෙකඩ වීම ගැනද ඔහු යම් හෙළිදරව්වක් කළේය. 2020 ප්‍රහාර සැලසුමක් ගැනද යම් හෙළිදරව්වක් ඔහු කළේය. මහනුවර ඇසල පෙරහැරට එල්ල කිරීමට සැලසුම් කළ ප්‍රහාරයක් ගැනද කරුණු එළියට ආවේය.

නිලන්ත දුන් සාක්ෂිය

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාව සිටි නිලන්ත ජයවර්ධනද දින ගණනාවක් පුරාවට ප්‍රසිද්ධියේ මෙන්ම රහස් සාක්ෂිද ලබාදුන්නේය. ඒ බුද්ධි තොරතුරු ගැන මෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ බුද්ධි තොරතුර ලැබුණු ආකාරයන් ගැනය. එසේම වත්මන් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වන සුරේෂ් සලෙයිගෙන්ද රහස් සාක්ෂියක් පැය 08ක් පුරාවටම ලබාගත්තේය. ඊට අමතරව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරුන් රැසකගෙන් මෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ ඉහළ නිලවල සිට විශ්‍රාම ගොස් සිටි නිලධාරීන් රැසකගෙන්ම කොමිසම විසින් ලබාගත්තේ රහස් සාක්ෂිය. ඒ අය අතර පාස්කු ප්‍රහාරය එල්ලවන විට පුද්ගලික ආරක්ෂක සමාගමක ඉහළ තනතුරක් දරන රාජ්‍ය බුද්ධි සේවයේ සිටි නිලධාරියෙක්ද සිටියේය. බෝම්බකරුවෙක් වූ ජමින් නැමැත්තා දෙහිවලදී බෝම්බයක් පුපුරවා ගන්නට පෙර යාඥාවක් සඳහා ගිය වැල්ලවත්තේ පිහිටි දේවස්ථානයේ ආරක්ෂාවට සිට ඇත්තේද එම ආරක්ෂක සමාගමේ සේවකයෙකි. ඔහුද විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි.
බෝම්බකරුවන් අතර සිටි දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචිව සිටි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයාට අයත් වැල්ලම්පිටියේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුද්‍රා තබා තිබියදී එම කර්මාන්ත ශාලා පරිශ්‍රයෙන් කන්ටේනර් රථ කිහිපයක් පිට කිරීමට මැදිහත් වන්නේ යැයි චෝදනා එල්ලවූයේ එකී බුද්ධි නිලධාරියාටය. එදා එම කන්ටේනර් පිට කිරීමට එරෙහිව ජනතාව උද්ඝෝෂණ පවා පවත්වන ලද්දේ මෙම නිලධාරියාගේ ක්‍රියා කලාපය පවා විවේචනය කරමිනි. කොමිසම හමුවේ පැවැති රහස් සාක්ෂි විමසීමේදී ඒ ගැන කොමිසම විමසා සිටියේ දන්නේ දන්නෝ පමණි.

මුස්ලිම් පූජකවරු ඥානසාර හිමි පැත්තේ

රහස් සාක්ෂි ලබාදුන් අය අතර මුස්ලිම් පූජකවරු රැසක්ම සිටියහ. ඒ අය සාම්ප්‍රදායී මුස්ලිම්වරුන් යැයි කියන සූෆි මුස්ලිවරුන්ය. ඔවුන් හෙළීකරනු ලැබුවේ වහබ්වාදී ව්‍යාප්තිය ගැනය. වහබ්වාදීන්ගෙන් සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට සිදුවන හිරිහැර ගැන පවා පැහැදිලිවම ඒ අය තොරතුරු කීවේය. ඒ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගැනද කියමිනි. ඔවුන් එහිදී වහබ්වාදීන් මෙන් ගලාගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පරිභව කරන්නට ගියේ නැත. ඒ අය සිටියේ උන්වහන්සේගේ මතයේය. ඒ ජාතික සමගියට ලොකුම බාධාව වී ඇත්තේ වහබ්වාදීන් යැයි මතය තහවුරු කරමිනි.
පාස්කු කොමිසම හමුවේ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සාක්ෂී ලබා දෙන්නේ මුල් අවස්ථාවේදීමය. දින දෙකක් උන් වහන්සේ කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය. උන්වහන්සේගේ සාක්ෂිය මාධ්‍යට නිරාවරණය නොවීය. ඒ රහස් සාක්ෂියක් ලෙස එය ලබාගත් බැවිනි. උන්වහන්සේ දිගින් දිගටම කොමිසමෙන්ද ඉල්ලා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන්ට සාධාරණයකි. උන්වහන්සේ ඉල්ලා සිටි සාධාරණය මෙම ප්‍රහාරය පිටුපස සිටි බලවේග හදුනාගෙන ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමය.

රනිලුත් රහසක් කියයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ රහස් සාක්ෂියක්ද සහිතවය. පාස්කු ප්‍රහාරය එල්ලවන විට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයාව සිටි චූලා කොඩිතුවක්කුගෙන්ද කොමිසම මුලින් සාක්ෂි විමසන ලද්දේ රහස් සාක්ෂියක් ලෙසිනි. පසුව මාධ්‍යට එය නිරාවරණය කරමින් ප්‍රසිද්ධ සාක්ෂීයක් බවට පත්කළේය. ඇතැම් සාක්ෂි මාධ්‍යට ප්‍රසිද්ධ කිරීම තහනම් විය. අඩුම තරමින් චූලාගේ සාක්ෂිය මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන විට නම සහ තනතුර සටහන් නොකරන ලෙසට කොමිසම ඉල්ලීමක්ද කළේය.
එසේ කොමිසම හමුවේ ප්‍රසිද්ධියේ සාක්ෂි ලබාදෙමින් සිය නම් සහ තනතුරු හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි තවත් කිහිප දෙනෙක්ම සිටියේය. ඒ අය අතර බුද්ධි නිලධාරීන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම භික්ෂූන් වහන්සේ නමක්ද වූහ. එසේම මහවිල උද්‍යානයේ නිවසේදී සිය දරුවන්ද මරාගෙන මැරුණු කාන්තාවගේ සහෝදරයෙක්ද කොමිසම හමුවේ සාක්ෂි දුන්නේ සිය අනන්‍යතාව හෙළිනොකරන ලෙසට ඉල්ලීම්ද කරමිනි. එසේ ලබාදුන් ඇතැම් සාක්ෂි සහ සාක්ෂිකරුවන් අදටත් රහසක්ය. ඒ එම රහස් සාක්ෂි සහිත වෙළුම් ජනාධිපතිවරයාගෙන් පිට වෙනත් පාර්ශවයන් අතට මේ දක්වාම පත්ව නොමැති බැවිනි. කොමිසමේ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරන ආකාරයට අනුව රහස් සාක්ෂි බොහොමයකම ඇත්තේ බුද්ධි අංශ සම්බන්ධයෙන් වූ තොරතුරුය. ඊට අමතරව මුස්ලිම්වරුන් රැසක් ලබාදුන් රහස් සාක්ෂිවල කියැවෙන්නේ වහබ්වාදීන්ගේ නැගිටීම ගැනය. එසේම රජයේ ඉහළ පුටුවල රැඳී සිටිමින් වහබ්වාදය ව්‍යාප්ත කරන පුද්ගලයන් ගැනද එම සාක්ෂිවල අන්තර්ගතය. පාස්කු ප්‍රහාරයට චෝදනා ලැබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා සිටින සහරාන්ගේ ගෝලබාලයින් රැසක්ද ලබාගත්තේ රහස් සාක්ෂි ලෙසිනි. ඒ අය අතර මාවනැල්ලේ බුදු පිළීම හානි කිරීම්වලට සම්බන්ධ සාහිඩ් සහ සාදික් නැමැති අයියා මලෝ දෙදෙනාද සිටියේය. ඇතැම් සාක්ෂිකරුවන් රහස් සාක්ෂි ලබාදීමට කළ ඉල්ලීම් කොමිසම ප්‍රතික්ෂේප කළ අවස්ථාද බොහෝය. නිලන්ත ජයවර්ධනද ඒ අය අතර සිටින්නෙකි. ඒ අනුව ඔහුගේ සාක්ෂිය ප්‍රසිද්ධියේ විමසමින් ඇතැම් සාක්ෂි පමණක් රහසිගත සාක්ෂි ලෙස ලබාගත්තේය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සාක්ෂියද ඒ අකාරයටම සිදුවූවකි. 2017 වසරේ සිට සහරාන් සම්බන්ධයෙන් කරුණු රැස්කර ඒ අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ගත් වෙහෙස ගැන මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහරාන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට නීති උපදෙස් නොලැබුණු බවට කොමිසම හමුවේ කරුණු හෙළීකරන්නේද නාලකද සිල්වාය.

රුවන් වෙඩිවර්ධන

මව්රට පත්තරෙන් මේ පිටුව බලන්න මෙතනින් පුළුවන්

https://e.mawratanews.lk/wp-content/uploads/2021/20210307M1/#page=9

SendShareShare
Previous Post

නිළියක් වෙන්න ගිහින් කන්‍යාභාවය පූජා කළ තරුණියන් ගැන අනෝජාගෙන් හෙළිදරව්වක්

Next Post

ගෝඨා-බැසිල් ගැන අශෝක් කළ ප්‍රකාශයට එරෙහිව ආණ්ඩුවේ පසුපෙළ රහස් පොලිසියට යයි (VIDEO)

MORE NEWS

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

Load More
සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

මහා භාණ්ඩාගාරයේ විදෙස් සම්පත් ඒකකයේ සේවය නියුතුව සිටියදී මියගොස් සිටි රංග නිශාන්තගේ මරණය තමන් විසින්ම කැපුම් තුවාල සිදු කරගත් නිසා...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.