• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා ටියුෂන් මාස්ටර්ලාගෙන් පෝය බේරගනී

June 30, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
මැකො එක්ක තිබ්බ හමුවේදී ගෝඨා සිග්නල් එකක් දෙයි
Share on WhatsAppShare on Facebook

උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැණ නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වහා එකඟත්වය පළ කර ඇත.

දහසකට අධික සිසුන් සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදුන් උපකාරක පන්ති සිසුන් 250කට සීමා කිරීම අසීරු බව දේශකවරු පෙන්වා දුන්හ. ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා කාල පාරස දෙකකදී සිසුන් 500කට ඉගැන්වීමේ අවස්ථාව සැලසීමට සෞඛ්‍ය විශේෂඥයින්ගේ ද උපදෙස් ඇතිව අනුමැතිය දුන්නේය.

කොවිඩ් 19 නිසා වසා දැමුණු උපකාරක පන්ති යළි ඇරඹිමේ දී ගුරුවරුන් සහ සිසුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධව අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ තීරණවලට එළැඹිණ.

2019 වසරේ පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් 19 වසංගතය නිසා අ.පො.ස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මාස පහ මාරකට අධික කාලයක් අධ්‍යාපනය ලැබීමට නොහැකි විය. 5 වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවෝද එවැනිම තත්ත්වයකට මුහුණ දී සිටිති. මේ කරුණු සැලකිල්ලට ගෙන අදාළ විභාග පැවැත්වීමේ දින වෙනස් කිරීමට අවධානය යොමුකරන ලෙස උපකාරක පංති ගුරුවරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් සමග පූර්ණ අධ්‍යයනයකින් පසු විභාග දින තීරණය කිරීම යළිත් සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යවරයාට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

පාසල් වසා තැබීම හේතුවෙන් විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීම පිළිබඳව ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් ජනාධිපතිතුමාට අවස්ථා ගණනාවකදී කරුණු ඉදිරිපත් කර තිබේ. ඒ ගැන අවධානය යොමු කළ ජනාධිපතිතුමා විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී වැඩි ප්‍රශ්න සංඛ්‍යාවක් ඇතුළත් කර සිසුන්ට තෝරා ගැනීමේ වැඩි අවස්ථාවක් දීමේ හැකියාව  සොයා බලන්නැයි  විභාග කොමසාරිස්වරයාට දැනුම් දුන්නේය.

අධ්‍යාපන සේවා බදු ප්‍රතිශතය 24% කි. එය සං‍ශෝධනයට උපකාරක පන්ති ගුරුවරුන් කළ ඉල්ලීම සලකා බැලීමට ද ජනාධිපතිතුමා එකඟ විය. උපකාරක පංති ප්‍රචාරණය සඳහා අත්පත්‍රිකා බෙදාහැරීම් සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව කිරීමට ද ජනාධිපතිතුමාගේ අනුමැතිය හිමි විය.

ඉරිදා උදේ වරුවේ සහ පොහෝ දින උපකාරක පන්ති නොපවත්වන ලෙස බෞද්ධ උපදේශක සභාව කළ යෝජනාව ජනාධිපතිතුමා රැස්වීමේ අවධානයට යොමු කළේය.

පොහෝ දිනවල උපකාරක පන්ති සම්පූර්ණයෙන් නතර කිරීමට ගුරුවරුන්ගේ කැමැත්ත පළ විය.

අ.පො.ස උසස් පෙළට පමණක් සීමා වී ඇති ඉරිදා උදේ වරුවේ පන්ති නැවැත්වීමේ ඉඩකඩ විමර්ශනය කිරීමට ද තීරණය කෙරිණ.

ජනාධිපතිතුමා කොවිඩ් මර්දනයට සහ රටේ සියලු ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ගෙන ඇති තීරණ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ප්‍රසාදයට ලක්වන බව ද උපකාරක පංති ගුරුවරු සඳහන් කළහ.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අධ්‍යාපන ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද, සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත,  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ යන මහත්වරු සහ උපකාරක පංති සංගම් කිහිපයක නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

මරික්කාර් ඊළග ආණ්ඩුවේ ඇමැති කෙනෙක්: සජිත් ප්‍රතිඥාවක් දෙයි (VIDEO)

Next Post

මහින්දානන්ද ගහපු කෙප්පයක් හෙළිවෙයි: ආදේශක ක්‍රීඩකයන්ට අනුමැතිය දුන් ලිපිය එළියට එයි

MORE NEWS

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

යුධෝපකරණ සංචිත ගැටලුවක් හේතුවෙන් ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇති බව විදෙස්...

Read more

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.