ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිටින කිසිදු කැබිනට්ටුවක අමාත්‍ය ධූර භාර නොගැනීමට සමගි ජන බලවේගය තීන්දු කොට ඇත.
එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු සදහන් කර සිටියේ රසායනික පොහොර ගොවීන්ට ලබා නොදී සහ ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලට නියමිත අවස්ථාවේ නොගොස් ජනතාව දැඩි පීඩාවට ලක් කළ ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයකු යටතේ ඇමැතිකම් නොගැනීමට සජබය තීන්දු කර ඇති බවකි.
දේශපාලන ක්ෂේත්රයේ මේ වනවිට සජබය ආණ්ඩුවට එක්වී තනතුරු ගැනීමට සූදානමින් සිටින බවට රාවයක් පැතිර යන බව කී ඒ මහතා එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවද සදහන් කර සිටියේය.










