තමන්ගේද නම ඇතුළත්ව ආණ්ඩුවට එක්වන බව කියමින් එක්තරා පුවත්පතක් පසුගිය සති අන්තයේ අසත්‍ය ගොසිප් පුවතක් වාර්තා කොට තිබූ බවත්, එක් නාළිකාවක් එම අසත්‍ය පුවත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඉකුත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පිම්බූ මාධ්‍ය මේ රටට විනාශයක් කළ බවත්, දැනුත් විවිධ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වන බව කියමින් විනාශයක් කරන බවත්ය.









