“ගම සමග පිළිසඳර” වැඩසටහන යටතේ උතුරු පළාතේ පැවැත්වෙන පළමු වැඩසටහන හෙට (03) වව්නියාව දිස්ත්‍රික්කයේ, වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ දී පැවැත්වේ.
ගැමි හමුව සඳහා බෝගස්වැව මහා විද්‍යාල භූමිය තෝරාගෙන තිබේ.
මෙය “ගම සමග පිළිසඳර” 17 වැනි වැඩසටහන වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් හෙට උදේ 10.00 ට ඇරඹෙන සංවාදයට දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ප්‍රමුඛ මහජන නියෝජිතයෝ, අමාත්‍යංශ ලේකම්වරු සහ විවිධ ආයතන ප්‍රධානීහූ සහ නිලධාරීහූ එක් වෙති.
වව්නියාව නගරයේ සිට කිලෝමීටර් 38ක් පමණ දුරින් නැගෙනහිරින් හා දකුණින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවියට හා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, බටහිරින් නන්දමිත්‍ර ගම්මානයටත් මායිම්ව වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාම නිලධාරී වසම පිහිටා තිබේ.
බෝගස්වැව1, බෝගස්වැව2, කම්බිලිවැව, වෙඩිවෛත්‍යකල්ලු, කෝවිල්පුලියන්කුලම සහ වෙහෙරතැන්න ගම්මාන ග්‍රාමසේවා වසමට අයත්ය.
පවුල් 478කින් සමන්විත වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමයේ ජනගහනය 1520කි.
වී සහ හේන් ගොවිතැන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ.










