එක්සත් ජාතික පක්ෂයට බලය හිමිව තිබූ නුවරඑළිය තලවාකැලේ ලිඳුල නගර සභාව නියෝජනය කළ එම නගර සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු 6 දෙනෙක් අද (02) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය සමග එක්විය.
ඒ අනුව ලිඳුල නගර සභාවේ සභාපති ඒ. අශෝක සේපාල සමග ඉෂාර අනුරුද්ධ මංචනායක, තාලමුත්තු සුදාගර්, නඩේෂන් බාලමුරලි, බී.එම් කාසිම්, සිවහයියා සිවරාජ් යන නගර සභා මන්ත්‍රීවරු හය දෙනා සමගි ජනබලවේගය සමග එක්විය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අගරපතන ප්‍රාදේශීය සභාව නියෝජනය කරන සුමේධ රුවන්පතිරණ මහතාද සමගි ජන බලවේගය සමග එක් විය.
මෙහි ඇති විශේෂත්වය වන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථාන තාප්පයේ පරිසරය මුල් කරගෙන චිත්‍ර අදිද්දී එම පක්ෂයේම කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතා සමග එක්වීමය.











