පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි සහතිකය අවලංගු කරන ලෙස ඉල්ලා ඉදිරිපත්ව ඇති පෙත්සම පිළිබදව නොතීසි නිකුත් කිරීම සදහා හෙට (30) දිනයේ විවෘත අධිකරණයේ කැදවන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.
සිකුරාදා (27) දිනයේදී සිවිල් ක්රියාකාරිකයන් දෙදෙනකු වූ චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ අතර ගෝඨාභය වලංගු ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන බැවින් ඔහුගේ ද්විත්ව පුරවැසි සහතිකය තහනම් කරන ලෙස එමගින් ඉල්ලා තිබිණ.
මෙම පෙත්සමේ පිටපත් දැනටමත් ගෝඨාභය මහතා ඇතුලු සෙසු විත්තිකරුවන් වෙත යවා ඇති බවක්ද දැනගන්නට ඇත.










