මීට සති කිහිපයකට ඉහතදී ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් කළ කතා දෙස බලන විට කොරෝනා පාලනය සාර්ථක වූවා නම් ආණ්ඩුව ලකුණු දමා ගැනීමට සූදානම්ව සිට ඇති බවත්, දැන් පොකුරු වශයෙන් කොරෝනා රෝගීන් වාර්තා වන පසුබිමක් යටතේ ජනතාව එහි වගකීම බාරගත යුතු බවට ප්‍රකාශ නිකුත් කිරීමට පටන් ගෙන ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සදහන් කරයි.
මීට මාස කිහිපයකට ඉහතදී ෆේස්මාස්ක් ගෙන ඒම අනවශ්‍ය බවටත්, ලොක්ඩවුන් කිරීම අනවශ්‍ය බවටත්, රෝගීන් 28ක් පමණක් සිටියදී ඇදිරි නීතිය පැනවිය යුතු නැති බවටත් ප්‍රකාශ නිකුත් කළ මැති ඇමැතිවරුන් දැන්වත් යථාර්ථය තේරුම් ගත යුතු බව ඒ මහතා පැවසීය.










