ශ්‍රී ලංකාවේ උසම කුළුණු නිවාස සංකීර්ණය වන ඇල්ටෙයාර් කලම්බෝ හි සංවර්ධකයින් වන ඉන්ඩෝසන් ඩිවලොපර්ස් (පුද්ගලික) සමාගම විසින් මෑතකදී ගොඩනැගිල්ලේ ඇති වූ ගින්න සැක සහිත බවට සැක කරමින් පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
නම හෙළි කිරීමට අකමැති වූ සමාගමේ ආරංචි මාර්ග පැවසුවේ, මෙය ගිනි ගැනීමකට වඩා කිසිවකු විසින් කළ ගිනි තැබීමක් බවට දැඩි සැකයක් පවතින බවයි.
සැප්තැම්බර් 21 දා ඇති වූ ගින්නෙන් ගොඩනැගිල්ලේ 10 වන මහලේ 10-ඒ ඒකකයට සුළු හානි සිදුව ඇත.
ඇල්ටෙයාර් හි සංවර්ධකයින් විසින් කොම්පඤ්ඤවීදිය පොලිසියට දැනුම් දී ඇත්තේ ගෘහස්ථ විදුලි පංකා දඟර ඒකකයක් හෝ වායු සමීකරණ පද්ධතියක් කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න හට ගත් බවට මුලින් සැක කළ නමුත් දැන් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැක කරන බවයි.
එම විදුලි පරිපථ සවිකළ සමාගමේ කාර්මික කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ සිද්ධිය පිළිබඳව තමන්ගේම පරීක්ෂණ පවත්වා මේ බව තහවුරු කොට ඇත.
කෙසේ වෙතත්, ඇල්ටෙයාර් මිහිකරුවන් පොලිසියට පවසා ඇත්තේ අභ්‍යන්තර පරීක්‍ෂණයකදී කාර්මික දෝෂයක් නොමැති බවත් ඒ වෙනුවට කිසියම් සැකසහිත යමක් සිදුව ඇති බවත්ය.
ඒ අනුව අපරාධ පරීක්‍ෂණ නිලධාරින් (සොකෝ) ඇතුළු පොලිසිය සැප්තැම්බර් 26 දා එම ස්ථානයට පැමිණ පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
ගෘහ නිර්මාණ ශිල්පියා ගින්න සම්බන්ධයෙන් වැරදි තොරතුරු ප්‍රචාරය කළ බවටත්, එම ක්‍රියාවලියේදී එකඟ වූ රහස්යභාවය පිළිබඳ කොන්දේසි උල්ලංඝනය කළ බවටත් සංවර්ධකයා චෝදනා කර තිබේ.
ගොඩනැගිල්ල තුළ සවි කර ඇති ගිනි පාලනය සහ නිවීමේ පද්ධතිය මඟින් සුළු ගින්න පාලනය කර නිවා දමා ඇත.
කොළඹ මහ නගර සභාවේ (සීඑම්සී) ප්‍රධාන ගිනි නිවන නිලධාරියා, පීඩීකේඒ විල්සන් පසුගිය සතියේ පවසා ඇත්තේ ගින්න පිළිබඳව ගිනි නිවන හමුදාවට දැනුම් දී නැති බවත් ඔවුන් වට්ස්ඇප් හරහා සංසරණය වූ රූප ඔස්සේ ඒ පිළිබද දැනගත් බවත් ය.
පසුව ඔවුන් එම ස්ථානයට ගොස් ගින්න සම්බන්ධයෙන් දැනුම් නොදීම පිළිබදව පාලනාධිකාරියට දොස් පවරා ඇත.
ඇල්ටෙයාර් යනු මීටර් 240 ක් උසැති ගොඩනැගීල්ලක් වන අතර එය මහල් 68 ක් සහ නිවාස 400කින් සමන්විතය.