කොවිඩ්-19 වසංගතය හේතුවෙන් කාර්යාලවලට පැමිණීමේදී මාණ්ඩලික ශ්‍රේණිවල රාජ්‍ය නිලධාරීන්ට පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබා දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛ දෙකක් අවලංගු කර තිබේ.
ඒ අනුව, 2019 ජූනි 6 වන දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 13/2019 (I) හා 2022 සැප්. 27 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ලිපි 05/2022 වහා ම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එම්.එම්..පී.කේ. මායාදුන්න පැවසීය.
කෙසේ වෙතත්, නිල ඇඳුම සම්බන්ධයෙන් නිකුත් කළ 1989.02.01 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 8/89 සහ නිල ඇඳුම් නියම කර ඇති රජයේ නිලධරයන්ට නිල ඇඳුම් සම්බන්ධයෙන් අදාළ වන අනෙකුත් චක්‍රලේඛ තවදුරටත් වලංගු බව ඔහු වැඩිදුරටත් පැවසීය.